ගතවෙමින් තිබුණේ ධවල භීෂණය රජයමින් පැවති වකවානුවකි. ජයවර්ධන ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කර තිබුණි. එකා දෙන්නාගෙන් ආරම්භ කෙරුන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම ක්‍රමයෙන් උත්සන්න වූ අතර ඒ වන විට රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම වසා දමා තිබුණි. ශිෂ්‍ය නායකයින් බහුතරයක් සිටියේ අත් අඩංගුවේය.
එතකුදු තරුණ ජවය කැටිකරගත් අන්තරේ ක්රියාකාරීකයන් විශ්ව විද්‍යාල සහ නේවාසිකාගාර අත් නොහැර යමින් තම අත්අඩංගුවට පත් තම සහෝදර ශිෂ්‍යයන් බේරා ගැනීමටත් රාජ්‍ය මර්දනය ට එරෙහිව කටයුතු කිරීමටත් ක්‍රියාත්මක වෙමින් සිටියහ.
එවකට කැබිනට් අමාත්‍ය A.C.S හමීඩ් හරහා ජනාධිපති ජයවර්ධන සමඟ සාකච්ඡාවකට අන්තරේ ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට අවස්ථාව ලැබුණේ මේ අතරය.
ශිෂ්‍ය ක්රියාකාරිකයන් කිහිප දෙනෙක්ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර වැඩිමනක් දෙනා එවකට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කල වෛද්‍ය සිසුන් වූහ. සහභාගී වූ සිසුන් අතරින් දෙදෙනෙක් වර්ථමාන
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන අතර ඉන් එක් අයෙක් වන්නේ පාඨලී චම්පික රණවක ය.
ජනාධිපති ජයවර්ධන පිරිස පිලිගත් අතර ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමටද කටයුතු කලේය.
එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හමීඩ් ද විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.
අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය නායකයන් බේරාගැනීම සහ නැවත විශ්ව විද්‍යාල විවෘත කර ගැනීම ශිෂ්‍යයන් පැත්තෙන් කල ඉල්ලීම් වූ අතර මේ පිලිබඳව චම්පික රණවක මූලික වෙමින් දීර්ඝව කරුණු පෙන්වා දෙන ලදී. ජයවර්ධන ජනාධිපතිවරයා පැමිණ සිටි ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ගුණවර්ධන විමසීමෙන් අනතුරුව ඔහුගේ උච්ච ස්වරයෙන් ප්‍රකාශ කර සිටියේ රංජිතම් ගුණරත්නම් සහ කොස්තා නැමති ශිෂ්‍යයන් දෙදෙනා හැර සෙසු අය නිදහස් කල හැකි බවයි. ඔහු ඊට හේතුව ලෙස පෙන්නුම් කලේ එම ශිෂ්‍යයන් දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බවය.
වහා ක්‍රියාත්මක වූ පාඨලී චම්පික රණවක එක හෙලාම ජනාධිපතිවරයාට විරෝධය පල කරමින් කරුණු දක්වන්නට වූ අතර ඔහු පෙන්වා දුන්නේ “” තමන් පැමිණියේ පොදු ශිෂ්‍යයා වෙනුවෙන් බවත්
එම ශිෂ්‍යයන් UNP ද JVP ද හෝ මොන පක්ෂයේද යන්න තමන්ට අදාල නොවන බවත් , එබැවින් තමන්ට ඔවුන් සියල්ලම ශිෂ්‍යයන් නිසා සියලු සිසුන් නිදහස් කිරීම හැර තමන් ඊට මෙහා විසඳුම් බාර නොගන්නා බවත්ය “”
ජනාධිපතිවරයා ඉදිරියේ මේ ආකාරයෙන් කරුණු දැක්වීම එකල මරණ වරෙන්තුව ලියා ගැනීමක් බදු වුවද ශිෂ්‍ය දේශපාලන අවධියේ සිටම චම්පික , බල සාකච්ඡා ( POWER NEGOTIATIONS ) හී බුහුටි බවක් ප්‍රකට කලේය. බල දේශපාලනය තුල අත්‍යාවශ්‍යම සහ ප්‍රගුණ කර ගත යුතු සහ නායකයකු සතු සාකල්‍යයෙන්ම තිබිය යුතු හැකියාවක් වන බල සාකච්ඡාවෙහි වන හැකියාව චම්පික රණවක තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , පක්ෂ නායකයෙකු ලෙස වර්තමානයේද දේශීයව මෙන්ම විදේශීය ද මොනවට පෙන්නුම් කරමින් සිටියී.
විශේෂයෙන්ම ලංකාව ගෝලීය දේශපාලනය තුල ඉන්දීය – ඇමරිකා – චීන බල ත්‍රිකෝණයට මුහුණ දී ඇති තත්වයක් තුල power negotiations වල ඉහල හැකියාවක් දේශපාලන නායකයෙකුට රාජ්‍යකරණයේදී අත්‍යාවශ්‍යය.
චම්පික ගේ මෙම කරුණු දැක්වීමත් සමඟ සභාව උණුසුම් වූ අතර එදා සාකච්ඡාවට සහභාගී වූ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් ශිෂ්‍යයා මෙහිදී චම්පික ඇතුලු පිරිසට කියා සිටියේ “” JVP එකේ දෙන්නෙක් නිසා අපිට CAMPUS
වහගෙන ඉන්න ඕන නෑ චම්පික, අපි මේ යෝජනාවට එකඟ වෙමු “” කියාය.
නමුත් චම්පික ඊට එකඟ වූයේ නැත. ඔහු සමූහයකට නායකත්වය දෙන නියම නායකයෙකු ලෙස තමන් පැමිණි අරමුණ සහ ශිෂ්‍ය සඟයන් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ අරමුණ පටු වූයේ නැත.
මෙහිදී ඉදිරිපත් වූ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අලුවිහාරේද, චම්පික ගේ මතයට එකඟව ජනාධිපතිවරයා ඉදිරියේ කරුණු දැක් වූ අතර අවසානයේ ජනාධිපතිවරයාට එම මතයට එකඟ වීමට සිදු වූ අතර ශිෂ්‍යන්ට නිදහස ලබාදීමට සහ විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීමට ද කටයුතු යෙදුනි.