පසුගිය දවසක අපිට අහන්ඩ ලැබුණා කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතියට රටවල් 16 අතරින් විශේෂ ඇගයීමක් ලැබිලා කියලා. කුරුණෑගල නගරයත් එක්ක නිතර ගනුදෙනු කරපු අපට හොදට මතකයි වැව රවුම දැන් තියෙන තත්වයට එන්න කලින් කොහොමද තිබුණේ කියලා. බොහෝ දෙනාගේ ව්‍යාපාර සාර්ථක කරගන්න, මානසික නිදහසට වගේම කායික සෞඛ්‍ය ඇතිකර ගන්නත් උදව් වෙන අපූරු වගේම ලස්සන තැනක් බවට මේ වෙනකොට වැව රවුම පත්වෙලා තියෙනවා.
රටවල් 16ක ව්‍යාපෘති 166 ක් අතරින් 3 වන ස්ථානය කුරුණෑගල වැව රවුමට ලැබුණා කීවාම සමාජ මාධ්‍ය පුරාම මේ ව්‍යාපෘතියට පියවරු බිහිවෙනවා දැකගන්න ලැබුණා. මහින්ද රාජපක්ෂ ගේ කාලේ ගෝඨාභය නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ රටේ එක එක තැන් ලස්සන කරගෙන ගියපු නිසා ගොඩක් අය මේ කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතිය ගෝඨාභය ගේ කියලා නම් පටබදින්ද ගත්තා. එත් ඇත්තටම මේ ව්‍යාපෘතිය ගොඩ නැගෙන්නේ යහපාලන කාලේ නාගරික සංවර්ධන අමාත්‍යංශය ඇතුලත් වෙලා තිබුණ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යංශය යටතේයි. මේ සිදුවීම් එක්ක කරුණු කාරණා හොයලා බලන්න මගේ තිබුණ උවමනාව නිසා මම නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වෙබ් සයිට් එකට පිවිසිලා මේ ගැන කරුණු සෙවුවා. ඒකෙන් මට සොයාගන්න පුළුවන් වුණ තොරතුරු අනුව යහපාලන කාලයේ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ ඇමති වෙලා හිටපු පාඨලී චම්පික රණවකගේ මුලිකත්වයෙන් මේ කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතිය නිර්මාණය කළා කියන එක.
එහි විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මීට පෙර නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් එක එක නගර වල තැන් තැන් ලස්සන කරනවා වෙනුවට පාඨලී කරලා තිබුණේ නගරය ලස්සන කරනවත් එක්කම ඒ නගරය සංවර්ධනය කරන්න වැඩ පිළිවලක් හදන එක. ඒවගේ කුරුණෑගල නගරය සංවර්ධනය කරන්න පාඨලී ගේ මැදිහත් වීමෙන් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවලක් හදලා තිබුණා. එයින් එකක් විතරයි කුරුණෑගල වැව රවුම. මේ වෙනකොට කුරුණෑගල ඉන්න අපි හැමෝම දන්නවා පරණ මාකට් එක තිබුණ තැන ඉදිවෙන අතිවිශාල වෙළඳ සංකීර්ණය. මේකත් පාඨලී ඇමති වෙලා ඉන්නකොට නිලධාරීන් එක්ක එක්ක එකතු වෙලා හදපු කුරුණෑගල සංවර්ධන ව්‍යාපෘතියෙම කොටසක් කියලා දැනගත්තේ පස්සේ. මේකත් හදලා ඉවර
වෙනකොටනන් එක එක අයිතිකාරයෝ ගොඩක් ඉදි හැබැයි. ඒ වගේම කුරුණෑගල සාරගම වැවත් එක්ක රාජපක්ෂලාට තිබුණ ගනුදෙනුව ගැනනම් කුරුණෑගල හැමෝම දන්නවා. ඒ මොනවා වුණත් සාරගම වැව වටෙත් අලංකාර කරන්න පාඨලී ගේ අමාත්‍යංශය කටයුතු කරලා තිබුණා. මේ වගේ ව්‍යාපෘති ගොඩක් කුරුණෑගල වෙනුවෙන් කරන්න ඔවුන් රිසච් එකක් පවා කරලා සම්පුර්ණ නගර සැලැස්මක් නිර්මාණය කරලා තියෙනවා.
කුරුණෑගල වැව රවුමට ලැබුණ මේ ඇගයීමත් එක්කම අපිට මතකයි යහපාලන ආණ්ඩුව පෙරලිලා ආයෙත් රට බේරා ගන්න විරුවෙක් දිනවපු දවසේ රෑ කුරුණෑගල වැව රවුම වටේ ලස්සනට තියලා තිබුණ සිමෙන්ති වලින් හදපු බොල, මල් පෝච්චි වගේ ගොඩක් දේවල කුඩු පට්ටම් කරලා දාලා තිබුණා. ඒ කොහොමෙන් හරි ආයෙත් මහජන මුදල් වලින්ම ඒවා හැදුවේ කඩපු අයගේ අතින් සල්ලි දීලා හැදුවා වගේ.
බස්නාහිර හා මහනගර ඇමති වෙලා ඉන්නකොට පාඨලී හදපු ජාතික බවුතික සැලසුමේ මේ රටේ නගර සංවර්ධනය වෙන්න ඕන කොහොමද ඒ මොන කාල වලද වගේ විශාල තොරතුරු ගණනාවක් තියෙනවා. ඊට අනුකුලව කුරුණෑගල නගරය වගේ ඔහු අනෙක් නගර වලට කළ සංවර්ධන ව්‍යාපෘති අති ව්ශාල ප්‍රමාණයක් මට මේ
තොරතුරු හොයනකොට දැනගන්න ලැබුණා. අපි අරගලයක් කළේ දුෂිත දේශපාලකයන් පලවා හරින්න. නමුත් පාර්ලිමේන්තුවේ 225 දුෂිතයන් නෙවේ ඒ අතර රට ගැන හිතන දේශපාලඥයන් ඉන්නවා කියලා පාඨලී වගේ ඇමතිවරු ඔප්පු කරලා තිබීම ගැන නම් සතුටුයි.