පාඨලී සාමාන්‍ය පුද්ගලයකු නොවන බව කුඩා කල සිටම පැහැදිලි වුණා. ගණිතය පිළිබඳ ඔහුගේ දක්ෂතාවය හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඔහුගේ සම වයසේ මිතුරන් අතර ඔහු “ගණිත මිනිසෙක්” බවට පත් කරමින්.
පාඨලීගේ ‘ගණිත ඇල්ම’ ඔහුගේ පැවැත්ම තුළම මුල් බැසගෙන තිබුණා. බොහෝ සිසුන් තම අධ්‍යයන කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරද්දි පාඨලී සැබෑ බහුශ්‍රැතයෙක් වුණා. ඔහු ගණිත ක්ෂේත්රයේ පමණක් නොවේ චිත්‍ර, සංගීතය, නැටුම් සහ ක්‍රීඩා යන ලෝකයන් තුළට ද එබී බැලුවා.
හොරණ තක්ෂිලාවේ පන්ති කාමර තුළ පාඨලී පෙළපොත්වලින් පමණක් නොව ඔහුගේ උපදේශකයින්ගේ කලා කුසලතාවලින් ද ආශ්වාදයක් ලබා ගත්තා. ප්‍රවීණ ප්‍රේමදාස මුදුන්කොටුව මහතා සංගීතය ඉගැන්වූ අතර, ගායන ශිල්පිණී නීලා වික්‍රමසිංහ මහත්මිය ද තක්ෂිලාවේ සංගීත ගුරුවරියක්. අනෙක් අතට නර්තන ආචාර්යවරයා වුණේ ප්‍රවීණ කලාකරුවකු වන රෝහණ බැද්දගේ මහතා. පාඨලී නම් ගණිත මිනිසා, ඉලක්කම් වලින් පමණක් සෑහීමට පත් වුණේ නෑ – ඔහු කලාවේ සංධ්වනිය ගවේෂණය කිරීමට ද, ආශා කළ කෙනෙක්.
එම එබී බැලීම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පාඨලීගේ නිර්මාණ තුළින් ප්‍රකට වුණා. ඔහු විශ්ව විද්‍යාලයේ බැනර් ඇඳීම, අවධානය ආකර්ෂණය කර ගන්නා පෝස්ටර් නිර්මාණය කිරීම සහ කලාත්මක ගැඹුර ගැන කතා කරන පොත් කවර නිර්මාණය කිරීම කරන්නේ පාසලෙන් ලද කලා ආභාෂය නිසාමයි. ඔහුගේ ගණිතමය මනස, සූත්‍ර සහ සමීකරණවල සීමාවෙන් ඔබ්බට විහිදුණු නිර්මාණාත්මක හැකියාවක් ඇති බව මින් පෙනී යනවා.
පාඨලීගේ ගමන එතැනින් නතර වුණේ නෑ. ඔහු ක්‍රියාශීලී මිනිසෙක්, ක්‍රීඩාව ද ඔහු උනන්දුවෙන් කරගෙන ගියා. කවපෙත්ත විසි කිරීම, හෙල්ල විසි කිරීම, දුර පැනීම සහ අත්පන්දු – ඔහුගේ ගණිත ගවේෂණවලට ශක්තියක් වුණා. කඩිසරකම සහ ශක්තිය මේ ගණිත මිනිසාගේ ‘බොහෝ දේ කිරීමේ හැකියාව’ වැඩි දියුණු කළා.
පාඨලී චම්පික රණවකගේ කතා පුවත තුළ ඔහුගේ කලා හැකියාව ප්‍රකට කළ ප්‍රබල තැනක් ඔහු සිය දියණියගේ විවාහ මංගල්‍යයේ දී හෘදයාංගම ගීතයක් ගායනා කිරීම. මනුෂ්‍ය ශක්‍යතාවේ සීමා මායිම් අසීමිත බව ඔප්පු කරමින් ගණිත මිනිසා මියුරු හඬින් ගීයක් ගයන අයුරු අවට සිටි පිරිස පමණක් නොව රටක් බලා සිටියේ විස්මයට පත්වෙමින්.
පාඨලී යනු ඇල්ගොරිතමයෙන් සහ තර්කයෙන් පමණක් බැඳුණු යන්ත්‍රයක් වුණේ නෑ. ඔහු දක්ෂතා සංධ්වනියක්. බුද්ධිය, කලාව සහ ක්‍රීඩාව එකමුතු වන විට පවතින සංහිඳියාව පිළිබඳ ජීවමාන සාක්ෂියකි. සිත, කය සහ ආත්මය යන ගතික සම්මිශ්‍රණයක් වූ මිනිසත් බව යන්නෙහි සැබෑ ප්‍රතිමූර්තියක් – පාඨලී චම්පික රණවක