මේ අන්තර්ජාතික ගුවන් තොටුපලක ඇති සාප්පු සංකීර්ණයක්. මේ සාප්පු සංකීර්ණය පුරා යුරෝපීය ඇදුමින් සැරසුනු පුද්ගලයින් සහ නානා දෑ තෝරා බලමින් මිලදී ගනිමින් ඉන්නවා. මේ අතරේ සරමක් සහ කමීසයකින් සැරසුනු හීන්දැරි උස කෙනෙක් මේ සාප්පු සංකීර්ණයේ ඔබ මොබ ඇවිදිමින් මිළ ගණන් බලනවා. ආපහු තියනවා. මොනවා හෝ දෙයක් මිලට ගත්තත් අඩුවට තියෙන දෙයක් අරගෙන ඒකත් පොත් දෙකක සටහන් කර ගන්නවා. ඇස යන අපූරු දේ තිබුනත් ඔහුගේ දෑස් යොමු වෙන්නේ මේ සාප්පු සංකීර්ණයේ පිහිටලා තියෙන පොත් සහ පුවත්පත් තියෙන තැනටයි. මේ මනුස්සයා විටින් විට තමන්ගේ කමීස සාක්කුවකින් එළියට ගන්න පොත් දෙකක පැන්සලකින් මොනවදෝ සටහන් කරන ආකාරය මෙයත් එක්ක ගිය කෙනෙක්ම බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉදලා බැරිම තැන මේ උස හීන්දැරි කෙනා ගාවට ඇවිල්ලා…..
“මල්ලි මම ලංකාවෙන් ආව දවසේ ඉදලා ඔයා දිහා බලාගෙන ඉදලා ඔයාගෙන් මේ අහන්නේ. වෙන අය වගේ ඔයා දකින දකින දේ ගන්නෙත් නෑ. ගත්තත් මිල අඩු අත්‍යාවශ්‍යම දෙයක් විතරයි. ඔයා පොත් දෙකක් තියාගෙන මොනව ද ලියන්නේ මල්ලි?”
“මේ පොතේ තියෙන්නේ මගේ පුද්ගලික වියදම්. මේ අනිත් පොතේ තියෙන්නේ රජය වෙනුවෙන් මට උන වියදම්. මම පුරුද්දක් විදියට මගේ ආදායම් වියදම් ලියනවා. මට එතකොට ආණ්ඩුවෙන් මේ සංචාරයට දුන්න සල්ලි ඉතුරු කරලා හරියටම අඩුපාඩුවක් නැතුව ආපහු බේරන්න පුලුවන්.”
කිසිම ගාණකට නැතුව ඒ ආකාරයට උත්තර දුන්නේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතායි. ඔහු ළගට ඇවිල්ලා ප්‍රශ්න කලේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි.
පාඨලී චමිපික රණවක මහතා තම වියදමට සංචාරයන් සදහා ලබා දෙන මුදල් ද නියමාකාරයෙන් ගණං හිලවු සහිතව මුදල් ලබා දුන් අයට අය වැය ලේඛනයක් සකසා ඉතුරු මුදල් සමග සෑම අවස්තාවකදීම භාර දීමට කටයුතු කරන අයෙක්. එසේම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන අයෙක්.
රටට ඔබින්නේ එවන් නායකත්වයක් ද තැනහොත් තමාගේ මුදල් මෙන්ම රටේ ද මුදල් නැති නාස්ති කරන නායකත්වයක් ද? තීරණය කළ යුත්තේ ඔබයි. එය හදවතින් නොව මනසින් සිදු කිරීම ඔබගේ වගකීමක් බන සෑම විටම මතක තබා ගත යුතුය.