මේ අග නගරයේ මුහුදු වෙරළක් අසළ පිහිටලා තියෙන මහා මන්දිරයක සිදුවීමක්. අරලිය ඇතුලු ගස් කොළං සහ නා නා ප්‍රකාර මල් ගස් වලින් සමන්විත මේ මන්දිරේ තුළ ඇති සැප පුටුවක වාඩි වෙලා මහත උඩු රැවුල වැවූ පුද්ගලයෙක් තේ එකක රහ බලමින් ඉන්නවා. ඔහු ඉදිරියේ ඇති පුටුවක සරමක් සහ කමීසයකින් සැරසුනු කොණ්ඩය පැත්තට පීරුව හීන්දැරි උස පුද්ගලයෙක් පොත් කිහිපයකුත් තමා අසළින්ම තියාගෙන තේ එකක රහ බලමින් මූණේ බැරෑරුම් ස්වරූපයක් මවා ගෙන ලිපි ගොනු වගයකුත් පෙරලා පෙරලා මොනවදෝ විස්තරයක් කරමින් ඉන්නවා.
ඔන්න ඔය අතරේ කලිසමකින් කමීසයකින් සැරසී ටයි පටියක් ද දාගත්ත උපැස් යුවළක් පැළදි පුද්ගලයෙක් ෆයිල් කිහිපයකුත් අරගෙන මෙතනට එනවා.
ඔහු ඇවිල්ලා උඩු රැවුල වැවූ පුද්ගලයාට තම ලිපි ගොනු ටික දෙනවා. කිසිදු වග විභාගයකින් තොරව ඒ පුද්ගලයා එම ලිපි ගොනුවලට තම අත්සන යොදනවා. එක දිගට තම අත්සන යොදා අහවර කරලා මහත උපැස් යුවළක් පැළදි පුද්ගලයා දිහා බලලා
“මෙයා කියනවා මහා මාර්ග එකෙයි ඔය අනිත් ප්‍රොජෙක්ට් වලයි මහා පරිමාණයෙන් දූෂණ වංචා වෙනවලු. එහෙම ගියොත් රට බංකොළොත් වෙයි කියලා මෙයා කියනවා”
කියමින් මහ හඩින් සිනා වෙන්නට පටන් ගත් අතර
“සර් මොන පිස්සු ද…සර් කරගෙන යන මේ ප්‍රොජෙක්ට් වලින් එකක් විකුණුවා නන් ඔක්කොම රටේ ණය ගෙවන්න අපිට පුලුවන්”
යනුවෙන් කියූ නිසා ඔවුන් සමග මේ යන ආකාරයට රට බංකොළොත් වන බව දැන ඒ ගැන කතා කිරීමෙන් ඵලක් නොවන බව දැන එකළ එටේ නායකත්වය දැරූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආර්ථික ඝාතක ලෙස හදුන්වන පී බී ජයසුන්දර මහතාටත් සිනාවකින් සංග්‍රහ කොට එතැනින් නැගිට අරලියගහ මැදුරෙන් එලියට බැස්සේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චමිපික රණවක මහතායි.
විදෙස් ණය ප්‍රමුඛතා අනුපිළිවෙලතින් තොරව වියදම් කරන ආකාරය ගැන කතා කිරීම ඵලක් නොවුනු තැන ඇතැම් ව්‍යාපෘති සදහා කැබිනට් අනුමැතිය ගැනීමට සිදුවන සාකච්ඡාවල දී මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් මුනිවත රකිද්දී ඒවාට එළිපිටම එරෙහි වූ පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළේ තනතුරු ද පසෙක දමමිනි.
මේ සිදුවීම වී දින කිහිපයකට පසු එවකට පක්ෂ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී වංචා දූෂණ ගැන ප්‍රශ්න කොට ඒ ගැන කතා කිරීමේ දී මහින්ද රාජපක්ෂ මහතා “කන බොන දෙයක් ඇගේ ගා නොගෙන කන්න අපේ අය දැන ගන්න ඕන” යැයි ප්‍රකාශ කොට සමහර අය අපේ ව්‍යාපෘති වලින් රට බංකොළොත් වනවා කියා නම නොකියා ප්‍රකාශයක් කළේ රබර් බෝලයක් වතුර බාල්දියක දමා ගිල්ල විය නොහැකි බව අමතකව වන්නට ඇත.