මහා කවි විලියම් ෂේක්ස්පියර් තම “වින්ඩසර් හි ප්‍රීතිමත් භාර්යාවෝ ( The merry wives of Windsor) නම් නාටකයේ පවසන පරිදි” බොහා් ප්‍රමාදයේ මිනිත්තුවකට වඩා බොහෝ වේලාසනේ පැය තුන යහපත්ය ” ( better three hours too soon than a minute too late).
එයින් කියවෙන්නේ කාලයේ වැදගත්කම හා වේලාවට වැඩකිරීමේ වැදගත්කම ගැනය. වේලාවට වැඩ නොකිරීම අප සමාජය තුළ පැතිරී ඇති දුර්ගුනයකි. කාලය පිළබඳ අප සමාජයේ වැඩි දෙනා දක්වන නොසැළකිල්ල කෙතෙක්ද යත් ඒ ගැන අපහාසාත්මක කතා යාන් හෑලි, කවි ගී සින්දු පවා ලියවී ඇත. බොහෝ දේශපාලන නායකයන්ට මේ දුර්ගුනය තදින් වැළඳී ඇත. කාලය පිළිබඳ දක්වන සැළකිල්ල සහ වේලාවට වැඩ කිරීමේ ලක්ෂණය දේශපාලන නායකයකුට තිබිය යුතු
වැදගත්ම ගුණාංග වලින් එකකි. කාලයේ අගය දන්නා වෙලාවට වැඩ කරන නායකයා එමගින් තවත් ගුනාංග රැසක්ම තමන් සතු බව පෙන්වා දෙයි. අන්‍යයන්ට ගරු කිරිම (respect), විශ්වාසනීයත්වය (reliability ), සංවිධානාත්මකබව (organization) වගකීම්සහගත බව (accunability), විනය ගරුක බව (dicipline), වෘත්තිකභාවය (professionalism) සහ ආදර්ශ රූපී බව (role model) ඒ ගුනාංග අතර කැපී පෙනේ.
වෙලාවට වැඩකිරීම (punctuality ) පාඨලීගේ ජීවිතයේ කුඩා කල සිටම පුරුදු පුහුණ කර ගත් ගුනයකි. මෙම ගුනය ඔහු ඉතා දෘඪව ආරක්ෂාකරයි. ක්ෂේත්‍ර ගණනාවක ප්රාමාණිකයකු ලෙස ගොඩ නැගීමට ඔහුට පිටුබලය ලැබුනේ ඔහුගේ මේ දෘඩ ගුනාංගයයි. කාලය අපතේ යැවීම ඔහු තදින් නුරුස්සයි. විධිමත් ලෙස කාලය කලමණාකරණය කරමින් වැඩ කිරීම නිසා ක්ෂේත්‍ර ගණනාවක ප්රාමාණිකයකු ලෙස නැගී සිටීමට ඔහු කාලය උපයා ගත්තේය.
මේ පුරුදු පුහුණුව නිසා බොහෝ දෙනෙකුට නැති විශේෂ කුසලතාවන්ද ඔහු සතුව ඇත. නිදසුනක් ලෙස වහාහනයක වාඩිවී ගමන් කරමින් සිටිද්දී පාදයේ කලවය මත කඩාදසියක් නවා තබමින් කිසිම වෑයමකින් තොරව පිටු හත අටක ලිපියක් ඔහුට ලිවිය හැකිය. 1990 දශකයේ නොයෙකුත්
පුවත් පත් වාර සඟරා වල ඔහු පැටලී සිටි ශාස්ත්‍රීය වාද විවාද වලට අදාල ලිපි ඔහු බොහෝවිට ලීවේ බස්රථයක වාඩි වී යමින් සිටියදීය. වරක් කොළඹ සිට මාතර දක්වා යමින් සිටි ඔහු එකල පළවූ වාමාංශික සඟරාවක කෙරුණ වාදයකට අදාල පිළිතුරු ලිපියක් මුලුමණින්ම අවසන් කරමින් මාතරදී බස්රථයෙන් බැස්සේ එම ලිපිය තැපෑලට දමන ලෙස කියමින් තම සගයකු අතට දෙමිනි.
උදෑසන අවදි වෙමින් තම දෛනික කටයුතු අරඹා රාත්‍රියේ නින්දට යන තුරු වේගයන් වැඩකිරීම ඔහුගේ සිරිතය. නිකරුණේ කාලය කා දැමීම, රස්තියාදු ගැසීම, ඔහු තදින් නොරුස්සන කටයුත්තකි. එසෙම අනුන්ගේ කාලයේ වටිනාකමටද මහත් අගයක් දෙමින් භාරගත් කටයුත්තට වෙලාවට පැමිණෙයි. කතා බහ සැමවිටම කරනාවට අදාල කර ගෙන සංක්ෂිප්තව කරයි. පොත පත කියවමින් දේශීය ජාත්‍යන්තර පුවත් ප්රවනතා ගැන හදාරමින් විශාල ලෙස යාවත්කාලීන වූ දැණුමක් ඔහු සතුව ඇත්තේ ඒ කටයුතු සඳහා කාලය යහමින් ඉතිරිකරගැනීමට ඔහු දක්වන දෛනික දක්ෂතාවය හේතුවෙනි. එසේම දේශලපාලනඥයකු ලෙස කැබිනට් මණ්ඩල, පාර්ලිමේන්තු , පක්ෂ, සන්ධාන, ජනමාධ්‍ය , මහජන හමුවීම් සහ රට පුරා සිදු කරන සංචාර ආදී කටයුතු වලදී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන්කර ගැනීමටත්, එම කටයුුතු සඳහා සැමවිට තමන්ගෙන් ලබා දිය යුතු උපරිමය (maximum input)ලබා දීමටත් ඔහු දක්වන්නේ අපූරු සමත් කමකි.