දාහත් වසරක යූඇන්පී පාලනය ගැන දකුණේ මිනිසුන්ට තිබ්බෙ භීෂණය, මර්දනය ගැන අමිහිරි මතකයක් පමණයි… ජනතා විමුක්ති පෙරමුණේ සන්නන්ධ කැරැල්ල යූඇන්පී ආණ්ඩුව මර්දනය කළේ මුළු දකුණම අමු සොහොනක් බවට පත් කරලා…හැම හන්දියකම මළ මිනී පිච්චෙනවා. හැම ගමකම තරුණ කොල්ලා කෙල්ලො අතුරුදහන් වුණා. අහිංසක අම්මලා තාත්තලා නොගිය හමුදා කඳවුරක්, පොලීසියක් හොයාගන්න අමාරුයි… අසූවේ දශකයේ අග ගෙවී ගිය ඒ භීෂණ සමය මතක් වෙනකොටත් ඇඟ කිලිපොලා යනවා.
ජවිපෙ කොල්ලොත් ඒ කාලේ රට පාලනය කරන්න හැදුවේ තුණ්ඩු කෑලි වලින්… බලෙන් කඩ වහනවා, හර්තාල් කැඳවනවා….නියෝග පිළිපැද්ද නැති තමන්ගෙ විරුද්ධවාදියෝ මරලා දානවා… කොටින්ම කියනවනම් 89 ජනාධිපතිවරණයේදී ඡන්දේ දාන්න එපා කියලා මිනිස්සුන්ට තර්ජනය ත් කළා. .. ඒත් යූඇන්පී එක ඡන්දේ දිනාගත්තා…ආර්. ප්‍රේමදාස ජනාධිපති වුණා. උන්නැහේ ජවිපෙ නායකයෝ ඔක්කොම මරළා තමයි කැරැල්ල මර්ධනය කළේ… හැබැයි උන්නැහේටත් වැඩි කල් රට කොරන්න බැරි වුණා… කොටි ප්‍රේමදාස ජනාධිපතිතුමාව මහ පාරේදී ම මරලා දැම්මා..කොහොම හරි යූඇන්පී යට කිව්වේ දාහත් වසරක ශාපය කියලා… මිනිස්සුන්ට ඒ තරම් එපා වෙලා තිබ්බේ…
ඔන්න ඔය අතරේ තමයි 93 දකුණු පළාත් සභා මැතිවරණය ආවේ… ගාල්ලේ ශ්‍රී ලංකා එකේ මන්ත්‍රී වෙලා හිටිය අමරසිරි දොඩංගොඩ මහත්තයා මන්ත්රීකමින් අයින් වෙලා තමයි මහ ඇමති කමට ඉල්ලුවේ… කලින් මහ ඇමති වෙලා හිටිය එම්. එස්. අමරසිරි මහත්තයා යූඇන්පියෙන් ආවේ. ජේවීපී එක නොතිබ්බට යූඇන්පී මැරයෝ ඡන්දෙදි ඇති වෙන්න මැරකම් කළා… විරුද්ධ පාක්ෂිකයන් ට තර්ජනය කළා… කාර්යාල වලට ගැහුවා…බය කරන්න වෙඩි තිබ්බා….
අමරසිරි මහත්තයා ලා සම්ප්‍රදායික විදියට මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියා. පාක්ෂිකයෝ බයෙන් තමයි වැඩ කළේ… හැබැයි තරුණ කොල්ලා ටිකක් මුළු දකුණු පළාතෙම බස් ස්ටෑන්ඩ්වල, පොළවල්වල, නගර මධ්‍යයේ රැස්වීම් තිය තිය යූඇන්පී එක පතුරු ගැහුව්වා,.. මිනීමරපු හැටි, හොරකම් කරපු හැටි, කොමිස් ගහපු හැටි මේ කොල්ලො ටික කිව්වා.. ආයි අම්මේ, තාත්තේ නිදහසේ ජීවත්වෙන්න නම් යූඇන්පී ට ඡන්දයක් නම් දෙන්න එපා කියල තමයි කිව්වේ….
එතැන උසම උස කණ්නාඩි දාපු කොල්ලෙක් හිටියා.
පෙට්ටියක් උඩ නැග ගෙන මිනිහා පැයකට වැඩිය ආණ්ඩුව පතුරු ගැහුව්වා..නගරයට, පොළට ආපු මිනිස්සු හ්ම් සද්දයක් නැහැ…ගල් ගැහිලා වගේ උන්දැගේ කතාවට වශී වෙලා..ඊට පස්සෙ හාමුදුරුවෝ නමක්… තවත් කොල්ලෙක් දෙන්නෙක් කතා කරනවා… යකෝ පිටිපස්සේ, ජනතා මිතුරෝ කියලා රතු පාටින් බැනර් එකකුත් ගහලා… අසිපත කියලා පත්තරයක් උණු කැවුම් වගේ මිනිස්සු ගන්නවා…ටවුමේ කොල්ලො, පොඩි මුදලාලි මේ කොල්ලන්ට තේ බනිස් දීලා උද්දාමයෙන් සංග්‍රහ කරනවා… සමහරු කොල්ලන්ගේ ආරක්ෂාවට රැස්වීම ඉවරවෙනකම් ආරක්ෂාව දෙනවා…
තවත් මිනිස්සු විස්තර අහනවා…නම් ගම් පවා…උස හාදයා අර පත්තරවලට ලියන චම්පික රණවක ලූ.. යමක් කමක් දන්න මිනිස්සු එහෙම කතා කරනවා… ඉංජීනේරුවෙක්ලූ… හාමුදුරුවෝ මාතර අතුරලියේ රතන ලූ …කොල්ලො ටිකම කැම්පස් වලින් ලූ…. නගරයක් නගරයක් පාසා ගිහින් මිනිසුන්ගේ බය ඇරලා යූඇන්පීය අවුරුදු 17 ට පස්සේ මුලින්ම දකුණු පළාතෙන් පරද්දන්න ජනතා මිතුරෝ වැඩ කළේ එහෙමයි…
මුල් වරට දොඩන්ගොඩ මහත්තයා දකුණු පළාතේ මහ ඇමති වුණා… යූඇන්පීය පරාද වුණා.. පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ ම පාර්ලිමේන්තුවේ කිව්වා අපි දකුණේ පරාද වෙන්න ජනතා මිතුරෝත් බලපෑවා කියලා…
ඒකාලේ බීබීසී සංදේශය කියලා ප්‍රසිද්ධ ගුවන් විදුලි වැඩසටහනක් තිබ්බා…ඒක කළේ එල්මෝ ප්‍රනාන්දු කියලා දක්ෂ වාර්තා කාරයෙක්…. එයා කිව්වා දකුණ යූඇන්පී ය පරදින්න චම්පික රණවකගේ කතාවයි, ජනතා මිතුරෝ මැතිවරණ ව්‍යාපාරයයි බලපෑවා කියලා තානාපති අංශ කියනවා කියලා…
ඊට පස්සෙ තමයි බස්නාහිරත් පැරදිලා මුළු රටම යූඇන්පී එක පරදින්න පාර කැපුනෙ… චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැති වෙලා ජනාධිපතිත් වුණේ….