අදහස් වල වැදගත්කම සම්බන්ධයෙන් නිතර උපුටා දක්වන ප්‍රකට කියමනක් මෙසේය.
“කුඩා මනස් මිනිසුන් ගැන විමසයි
සාමාන්‍ය මනස් සිද්ධි ගැන විමසයි.
විශිෂ්ට මනස් අදහස් ගැන විමසයි”
. ( small minds discuss people, average minds discuss events, great minds discuss ideas).
කුඩා මනස් සහිත අය නිතර උනන්දුව වන්නේ පුද්ගලයන් ගැනය. පුද්ගලයන්ගේ සාර්ථක අසාර්ථක වීම් ගැනය.පුද්ගල ඕපාදූප ගැනය.පුද්ගලයන් විවේචනයටය. පුද්ගල අපහාස උපහාස වලටය. සාමාන්‍ය මනස් සහිත අය ජනමාධ්‍ය ප්රවෘත්ති ඉදිරිපත් කරන්නා සේ සමාජයේ සිදුවන සිද්ධි ගැන උනන්දුවෙයි. සිද්ධි ගැන යළි යළිත් කීම එවැනි අයට බෙහෙවින් රුචිය. එහෙත් විශිෂ්ට මනස් සහිත අය උනන්දු වන්නේ අලුත් අදහස් ගැනය. විසඳුම් ගැනය.
දේශපාලනය තුළ සැමදාම අදහස් ඇති නායකයන් අන් සියල්ලට ඉහලින් මතුවූයේ ඉතිහාසය නිර්මාණය කිරීමේදී විශිෂ්ට මනස් සහිත වූවන් ලෙස ඔවුන් ඉටුකරන පුරෝගාමී කටයුත්ත නිසාමය. ලංකාවේ දේශපාලන සමාජය තුළ කැපී පෙනෙන ලක්ෂණය නම් සරු අදහස් සහිත නායකයන්ගේ දුර්ලභත්වයයි. පුද්ගලයන් ගැන උනන්දු වන සහසිද්ධි ගැන උනන්දුවන දේශපාලන නායකයන් කොතෙකුත් සිටියද අදහස් හා විසඳුම් පෙරදැරි කරගෙන දේශපාලනය කරනා නායකයන් ඉතා දුර්ලභය. ලංකාවේ සිටින බොහෝ දේශපාලන නායකයන් අතර පාඨලී චම්පික සුවිශේෂ වන්නේ ඔහු හැම විටම අදහස් හා විසඳුම් පෙරදැරිකරගෙන තම දේශපාලන ගමන යන නායකයකු බැවිනි. ඔහුගේ දේශපාලන සතුරන් පවා මේ කාරණයේදී බොහෝවිට එකඟ වෙති.
පාඨලී අදහස් සහිත නායකයකු වූයේ ඔහු විශිෂ්ට සිතන්නකු බැවිනි. පැහැදිලිව සිතීමට සහ එසේ පැහැදිලිව සිතන අදහස් නිරවුල්ව ලැහැදිලිව සන්නිවේදන කිරිමට ඔහු සතු හැකියාවත් පුහුණුවත් නිසා පාඨලී ලාංකික දේශපාලනයේ බුද්ධියේ සළකුණ ඉහලින්ම තබා ඇති නායකයකු වී ඇත. ඔහුගේ දේශපාලනය වන්නේ ‘බලය සඳහා අදහස් යොදාගැනීම නොව අදහස් සඳහා බලය යොදාගැනීමය ( not ideas for power but power for Ideas)
ඔහු පැහදිලි සිතන්නකු බවට පත්වුයේ හිරිමල් යොවුන් වියේ සිටම හාත්පස සමජය ගැන විචාරාත්මකව දකිනා සමාජ දේශපාලන භාවිතාවක නියැලුන බැවිනි. තම විචාරාත්මක චින්තාවන් අන් අය සමග බෙදා හදාගැනීම සඳහා ඔහු දැරූ අනවරත අභ්‍යාසය හේතු කොට ඔහු තුළින් දක්ෂ ලේඛකයකු හා ව්‍යක්ත කථිකයකු බිහි විය.
මේ සටහනේ ඉලක්කය වන්නේ පාඨලී චම්පක රණවක නම් ව්‍යක්ත ලේඛකයා බිහි වූ පසුබිමය.
සමාජය යහපත් ලෙස වෙනස් කිරීමෙහි ලා නවමු ආකාරයට සිතූ මහජන නායකයෝ එම තම සිතිවිලි පහැදිලිව ලියාතැබීමට හැම විටම පියවරගත්හ. ලේඛක දේශපාලනඥයා (literary politician) සමාජයට බිහිවූයේ ඒ අනුවය. එවන් නායකයන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ තම අදහස් සම්බන්ධයෙන් සුවිශාල විවෘතභාවයක් පවත්වාගෙන යාමය. තම අදහස් විවෘතව පැවසීමට අකැමැති නොඑසේ නම් ඒ සඳහා කුසලතාවක් නැති නායකයන් අතින් පොත පත ලියවෙන්නේ නැත. තමාට පැවසීමට ඇති අදහස් නොබියව, පැහැදිලිව,නිරවුල්ව ඉදිරිපත් කළ හැකි නායකයන් අතින් පොත පත බිහිවෙි. මහාත්මා ගාන්ධි, ජවර්හල් ලාල් නේරු, අබ්දුල් කලාම්, නෙල්සන් මැන්ඩෙලා, බැරැක් ඔබාමා, වින්සන්ට්
චරචිල් , ලී ක්වාන් යූ යනු එවැනි නිරවුල් හා පැහැදිලි ලෙස අදහස් ලියා පළ කළ ලේකඛත්ව නායකයින්ය. පාඨලී චම්පික රණවකද නිසැකවම එම ගනයේ ලේඛකත්ව නායකයකු ලෙස නිසැකවම හඳුන්වා දිය හැකිය.
නිරවුල්ව ලැහැදිලිව , තාර්කිකව හා විශ්ලේෂීව සිතීමේ කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට ලැබුනේ ගණිත විෂය පිළිබඳ ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙනි. එම සබුද්ධිකත්වය තුළින් ලේඛකයකු බ්හිවීමේ පදනම වැටුනේ ඔහු සරසවි ශිෂ්‍ය නායකයකු ලෙස නිමග්න වූ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙනි.
ඔහු ග්රන්ථයකරනයට පිවිසයේ සරසවි විද්‍යාර්ථියකු ලෙස සමකාලීන ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ න්‍යායික හා උපදේශාත්මන කෘතියක් ලෙස සැළකිය හැකි ‘අපේ මග ‘ කුඩා ග්‍රන්ථය ලියා පළ කිරිමෙනි. වැඩි හිටි දේශපාලන නායකයකු බවට පත් වූ පසුද කුඩා ග්රන්ථ ලියමින් මහජන සංවාද නිර්මාණය කරගැනීම ඔහු අඛණ්ඩව පවත්වාගෙන යන පුරුද්දකි. ඒ අනුව ඉතිහාසයේ සංධිස්ථානාත්මක තත්වයන්හි වැදගත් කුඩා ග්රන්ථ කිහිපයක්ම මේ ලේඛකයා අතින් බිහිවිය.
රාජපක්ෂ පාලන තන්ත්රය අනුගමනය කළ වැරදි ආර්ථික පිළිවෙත නිසා රට ආර්ථික වශයෙන් බංකොළොත් වන බවට 2012 දි අනතුරු අඟවමින්
ඔහු ලියූ ‘ආලපාලු ආර්ථිකය ‘ නම් කුඩා පොත එවන් පොත් රාශියක් අතරින් ඓතිහාසික වැදගත්කමක් සහිත ලෙඛනයකි.
අපේ මග කෘතිය ලියමින් ලේඛකත්ව භූමිකාවට අවතීර්ණ වූ ඔහු 1990 දශකයේදී ජාතික පුවත්පත්, ටැබිලොයිඩි, පුවත් පත්,වාර සඟරා ආදියට නොකඩවා ලිපි ලියු පුවත්පත් ලේඛකයකු විය.සමාකාලීන, දේශපාලනය, පරිසර වාදය, ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පැරදවීම, ක්වොන්ටොම් හෞතිකවිද්යාව, දර්ශනය ආදී විවිධ මාතෘකා යටතේ ඔහු විසින් ලියන ලද ලපි සම්භාරය සමකාලීන දැණුම , විචාරාත්මක චින්තනය, තුළ මැනවින් පිහිටා ලියන ලද ඒවාය. එම ලිපිවල පවතින අර්ථභාරයත් සන්නිවේදන ගුනයේ ප්රබලත්වයත් නිසාම පුවත් පත් සඟරා වලට ඔහු නැතිවම බැරි ලේඛකයකු බවට පත්විය. පාඨලී චම්පික රණවක නමැති පුවත් පත් තීරු ලිපි රචකයා බිහි වූයේ ඒ අනුවය. දොරමඩලාව නමින් ලක්බිම පත්‍රයට ඔහු සතිපතා ලියූ තීරුලිපි මාලාව අතිශයින් ජනාදරයට පත්විය.
බොහෝ දේ ලියන ඕනෑම බැරෑරුම් ලේඛකයකුගේ ලේඛන සම්භාරය අතරින් පැහැදිලිව හඳුනාගත හැකි මහා කෘතියක් (magnum opus ) වෙයි. “බලය සහ බලය යන මැයින් ඔහු ලියු කෘතිය ඔහුගේ මහා කෘතිය ලෙස හැඳින්ව්ය හැකි අතර එය ලංකාවේ බලශක්ති අර්බුදය පිළිබඳ කරන ලද ඉතා
බරසාර හා විස්තීර්ණ දේශපාලන ආර්ථික විවරණයකි.
එම කෘතිය සදහා රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමිවිය.
චමිපික රණවකගේ පෑනට සැමදාම වස්තු විෂය වූයේ අහසේ තිබෙන ගැටලු නොවේ. බලය සහ බලය යනු අප රටේ පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකයේත් දේශපාලනයේත් ගතිකයන් තීරණය කරන අති මූලික සාධකයකි. බල ශක්ති ප්රශ්නය අප රටේ මෑතකාලීන ආර්ථික අර්බුදය හා සෘජුවම සම්බන්ධය. එහෙත් මේ ප්රශ්නය හරයාත්මකව වටහාගැනීම දුෂ්කර වන්නේ එය එක් අතකින් විද්‍යාව තාක්ෂණයද අනෙක් අතින් ආර්ථිකය කළමානාකරණය, රාජ්‍ය ප්රතිපත්තිද සහිතව දේශපාලන බලය සමග අත්‍යන්තයෙන්ම ගැටගැසී තිබෙන දුරනබෝධ දේශපාලන ආර්ථික මූල සාධකයක් වන බැව්නි. චම්පික රණවක තම විද්‍යා ගණිත ඉංජිනේරු දැණුමද, විචාරාත්මක සමාජ දේශපාලන දැණුමද යොදා ගනිමින් බලශක්ති අර්බුදය පිළිබඳ කරන ලද එම කෘතිය ලංකාවේ දේශපාලන නායකයකු අතින් මෑතකාලයේ බිහි වූ අති විශිෂ්ට මැදිහත් වීමකි.