කතාවක් තියෙනවා එක පාසලක් ඇරියොත් බන්ධනාගාර 100 ක් වහන්න පුළුවන් කියලා. ඒකෙ අනෙක් පැත්ත ගත්තොත් එක පාසලක් වැහුවොත් බණ්ධනාගාර 100 ක් අරින්න වෙනවා. එත් අහලා තියෙනවද විශ්ව විද්‍යාලයක් වහලා බන්ධනාගාරයක් හදපු රටක් ගැන. රට බේරගන්න අන්තිම අවස්ථාව කියලා සිස්ටම් චේන්ජ් එකකට ගෙනාව විරුවා අපේ රට එහෙම කතාවකින් නම් ඉතිහාස ගත කෙරෙව්වා.
2010 අවුරුද්දෙත් රට බේරා ගන්න අන්තිම අවස්ථාව දෙන්න කියලා මහින්ද රාජපක්ෂ බලයට ආවට පස්සේ රටට දෙයක් කරා කෙසේ වෙතත් පවුලට නම් නොසැහෙන දේවල් ගොඩක් කරගත්තා. උදේ ඇඳෙන් නැගිටිනකොට මහ රජාගේ හිච්චි පුතා එක පාරටම තාත්තේ මට රොකට් එකක් යවන්ඩ ඕන කීවම අපේ රටේ අහිංසක මිනිස්සු හරිහම්බ කරලා දුන්න සල්ලි වලින් හිච්චි පුතාගේ ආසාව ඉෂ්ඨ කරලා දුන්න ජනපති තාත්තෙක් තමයි ඒ. මේ වැඩේට මහ රජාගේ ඇමති මණ්ඩලේ විදුලි බල ඇමති වෙලා හිටපු පාඨලී චම්පික රණවක ගොඩක් විරුද්ධ වුණා. මේ නිසා පාඨලීට 2013 දී ලොකු මඩකුත් ගහලා දඬුවමක් විදියට විදුලි බලෙන් අයින් කරලා තාක්ෂණ අමාත්‍යංශය දුන්නා.
ඇමති කෙනෙක් වුණාම දෙන ඕනෑම අමාත්‍යංශයක් මෙහෙයවීමේ හැකියාව තියෙන්න ඕන කියලා ඔප්පු කරලා පෙන්නපු කෙනෙක් විදියට පාඨලී තාක්ෂණ අමාත්‍යංශය භාරගෙන එතෙක් රටකට තාක්ෂණ අමාත්‍යාංශයක් අවශ්‍ය ඇයි කියන දේ මුළු රටටම පෙන්නුවා. ඒ වෙනකොට ලෝකයේ දියුණු රටවල් පළවෙනි කාර්මික විප්ලවයෙන් පස්සේ හතරවෙනි විප්ලවයටත් ලගා වෙලා තිබුණා. ඒ කියන්නේ 2010 න් පස්සේ ලෝකයේ ඇති වෙච්ච සුහුරු යුගය. මේකෙදි නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, ජීව තාක්ෂණය, රොබෝ තාක්ෂණය, AI වගේ තාක්ෂණ විෂයන් දියුණු කරන්ඩ ආරම්භ කරලා තිබ්බා.
මේ නිසා පාඨලී තාක්ෂණික අමාත්‍යවරයා විදියට මහාචාර්ය ධම්මික තන්තිරි ගොඩගේ සහ මහාචාර්ය සිරි කොළඹගේත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකාවේ රිසච් එකක් කරලා ලංකාවේ දියුණු කරන්ඩ පුළුවන් තාක්ෂණ වර්ග 10 ක් හඳුන්වලා දීලා ඒවාගෙන් සිදුකරන්න පුළුවන් ආයෝජන සැලැස්මක් විදියට ten by ten metrics කියන සැලැස්ම හඳුන්වලා දුන්නා.
මේ සැලසුම් හදලා පාඨලී කීවේ ශ්‍රී ලංකාව අඩුගානේ 1% ක් තාක්ෂණයට ආයෝජනය කරනවා නම් අපිට දළ දේශීය නිෂ්පාදනය 6% දක්වා වර්ධනය කරගන්ඩ පුළුවන් කියලා. මේ දියුණුවේ ඉදිරිය දැකලා තාක්ෂණික අමාත්‍යවරයා විදියට කොරියාවත් එක්ක කතා කරගන 2016 දී හෝමාගම තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්නත් පටන් ගත්තා. ඔහු එකේදී බලාපොරොත්තු වුණේ අවුරුද්දකට විවිධ තාක්ෂණික විෂයන් වලින් පරිපූර්ණ දැනුමක් සහිත සිසුන් 80,000 ක් රටට දායාද කරන එකයි. පාඨලී කියන විදියට ඉදිරියට රට දියුණු කරන්ඩ පුළුවන් ආයෝජන කලාප බිහි කරලවත් ඇඟලුම් හල් ඉදිකරලවත් නෙවෙයි, ඒ දියුණුව තියෙන්නේ මේසයක් උඩ තියෙන desktop factory එකකින් කියලා.
පාඨලී ගත්ත ඕනෑම අමාත්‍යංශයක් දියුණු කරලා පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන දේශපාලඥයෙකු විදියට තාක්ෂණික අමාත්‍යංශය යටතේ මේ තරම් දේවල් කරත් සිස්ටම් චේන්ජ් එකක් කරන්න ගෙන්නුව විරුවා කරපු සිස්ටම් චේන්ජ් එක තමයි පාඨලී හෝමාගම හදන්ඩ පටන් ගත්තු තාක්ෂණික විශ්ව විද්‍යාලය නවත්තලා ඒ තැනට වැලිකඩ බන්ධනාගාරය අරන් ගියපු එක. ඒ වගේ ජඩ දේශපාලනය මේ රටේ රජ කරන කම් පාඨලී වගේ දේශපාලඥයෝ රට වෙනුවෙන් අරින්ඩ හදපු පාසල් වැහිලා බන්ධනාගාර 100 ක් ඇරෙන එක අහන්ඩත් දෙයක් ද?