මුතු ඇටේ බංකොලොත් වෙලා කියලා ලෝකෙටම කීවට පස්සේ ඒක වුණේ අපේ වැරැද්දෙන් වගේ එක දිගට ටොකු ඇන ඇන වද දෙන අමාත්‍යංශයක් තමයි විදුලි බලේ කියන්නේ. විදුලි බල ඇමති කංචන කියන විදියට අපි කරන්ට් බිල් ගෙවලා නෑ වගේ ඒ අටමගලේ පාඩු වුණ එකට අපෙන් පලි ගන්නේ. විදුලි බල අමාත්‍යංශයේ අයවැය වර්තාවෙත් මේ වෙනකොට විදුලි බලේ ලාබයි කියලා තියෙද්දී අවුරුද්දකට දෙපාරක් ගාස්තු වැඩි කරන්ඩ කියලා කංචනම හදපු නීති කංචනම කඩලා මේ පාර තුන්පාරක් බිල වැඩි කරේ එයා අතින් සල්ලි දාලා පාඩුව පියෙව්වා වගේ.
විමලසුරේන්ද්‍ර මහත්තයා ලක්ෂපාන බලාගාරය හදන්න මුල් වෙනකොට හිතන්න නැතුව ඇති මේ රටේ කොදු නැති විදුලි බල ඇමතිලා බිහිවෙයි කියලා. එදා ඉදලා තාමත් විදුලි බලේ පාඩුයි කියාගත්ත ගමන් ඇමතිලා අහිංසක මිනිස්සුන්ටම ටොකු අනිනවා.
එහෙම වුණේ නැති කාලෙකුත් තිබුණා. ඒ පාඨලී 2010 විදුලි බල ඇමති වුණාට පස්සේ. විමලසුරේන්ද්‍ර මහත්තයත් විදුලි ඉංජිනේරුවෙක් වෙලා පාඨලීත් විදුලි ඉංජිනේරුවෙක් වුණ නිසාම වෙන්ඩ ඇති ඒ මනුස්සයට මේකේ තිබුණ ප්‍රශ්නේ තේරුනේ. පාඩු වේවි ආපු විදුලි බල අමාත්‍යංශය පාඨලී නම් ලාබ කරලා පෙන්නුවා. ඊට පස්සේ ආපු විදුලි බල ඇමතිලා අයෙත් විදුලි බලේ පාඩු කරා.
ඇත්තටම විදුලි බල අමාත්‍යංශය ගැන කතා කරනකොට පාඨලී ගැන කියන්ඩම ඕන. මොකද පාඩු වෙලා තිබුණ අමාත්‍යංශය ඒ මනුස්සයා අරං ලාබ කරනකොට දැන් කංචන අපිට ටොකු ඇන ඇන කරන්ට් බිල වැඩි කරනවා වගේ ගාස්තු වැඩි කරේ නෑ. එහෙම කරලත් අමාතංශය ලාබ කරා. පාඨලීට ගොඩක් අය බනිනවා විදුලි බලාගාරයක් හැදුවේ නෑ කියලා. ඒ නිසාලු දැන් විදුලි බිල වැඩි කරන්ඩ වෙලා තියෙන්නේ. එත් ඒ කාලේ මතක තියෙන අපිටනං තේරුණා පාඨලී මොකද්ද කරේ කියලා. ඒ මනුස්සයා මහ විශාල විදුලි බලාගාර හදනවා වෙනුවට හැම ගෙයක්ම විදුලි බලාගාරයක් කරන වැඩසටහනක් ගේනවා. පාඨලී නිතරම කිවේ ලංකාවේ ඉන්ධන වලින් දුවන බලාගාර අනාගතයට ගැලපෙන්නේ නෑ. තෙල් නැතිවෙන කාලයක් එනවා, ඒ නිසා සුළං බලාගාරයි සුර්ය බලාගාරයි හදන්න ඕන කියලා. ගෙදරම නිෂ්පාදනය වෙන විදුලිය තමන්ටත් අරගෙන ඉතිරි ටික ජාතික විදුලි පද්ධතියට දෙන විදියේ ක්‍රමයක් තමයි ඔහු ගෙනාවේ.
ඒ විතරක් නෙවෙයි විදුලිය ඉල්ලන විදියට බලාගාර හදනවා වෙනුවට පාඨලී විදුලිය පාවිච්චි කරන එක අඩු කරන ක්‍රම හදුන්වලා දුන්නා. මතක විදියට මේ විදියට කරපු නිසා 2012 අවුරුද්දේ සියයට 4ක් විදුලිය ඉතිරි වුණා කියලත් ආරංචි. තව ඩිසල් වලින් දුවන පුද්ගලික විදුලි බලාගාර කරගෙන ගිය හොර මගඩි වැඩ නවත්තලා සමහර පුද්ගලික බලාගාර වහලා දැම්මා.
අවාසනාවකට විදුලි බල අමාත්‍යංශයට එච්චර වැඩ කරලා දීලා ඒක ලාබ කරපු ඇමති කෙනෙක් වෙච්ච පාඨලී ට මහ රජාගේ හිච්චි පුතා හොයාගන්ඩවත් බැරිවෙන්ඩ යවපු චන්ද්‍රිකාවට විරුද්ධ වුණා කියලා ඒ මනුස්සයව ඇමතිකමෙන් අයින් කරලා පලි ගත්තා. හිච්චි පුතා රොකට් එක යවපු සමාගමෙන්ම බාල ගල් අගුරු වගයක් ගෙනත් ඒක පාඨලී ඇඟේ ගහලා මහ රජාගේ රෙදි හෝදපු ජඩ මාධ්‍ය වලින් ඒ මනුස්සයාගේ නමත් කැත කරන තරමට පලි ගත්තා.
හැබැයි ලංකාවේ පලවෙනි පාරට තෙල් නැවකට නැග්ග, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකත් වික්ක එස්.බී ලා අද අපිට ටොකු ඇන ඇන කරන්ට් බිල් වැඩි කරන කංචන එහෙම 2010 විදුලි බල ඇමති වෙලා හිටියනං අපිට කවදාවත් විදුලි බලේ එක කාලෙක ලාබ වුණා කියලා, කියන්ඩ තියා හිතන්ඩවත් බැරිව යයි.