මෛත්‍රීපාල සිරිසේන පාලනය තුල දින පනස් දෙකේ සිදුවීම යනුවෙන් මේවන විට ඉතිහාසය ලියා තබන්නේ මෙරට රාජ්‍යකරණය තුල පැවති තවත් අඳුරු කාල පරිච්ඡේදයක් පිලිබඳවය. එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් රටේ නීතිය නමා තම පුද්ගලික දේශපාලන අරමුණක් ඉටු කරගැනීම උදෙසා රටේ ව්‍යවස්තාවත්, පැවතුන පාර්ලිමේන්තු සම්ප්‍රදායත් කඩා බිඳ දැමුයේය. එමගින් එදා 2018 දී රටට අත්වු අඳුර එමටය. මෛත්රිගේ අනින් එය සිදුවුයේ පියවර දෙකකටය. පලමුව ඔහු පාර්ලිමේන්තුවේ බහුතරයේ බලය හිමි එවකට අග්‍රාමාත්‍ය වරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් නෙරපා එම තනතුරට මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබුයේය. දෙවනුව තමන්ගත් එම තීන්දුව පාර්ලිමේන්තුවේ බහුතරය විසින් අනුමත නොකරන බව පෙනුන කල රටේ නීතියට එරෙහිවෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට නියෝග නිකුත් කලේය.
එම අනීතික තීන්දුව අවසානයේදී බල රහිත කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරනය මැදිහත්වීමෙනි.
දින 52 ක කාලයක් තිස්සේ ඇදී ගිය මෙම අඳුරු යුගය සොඳුරු අවසානයකින් කෙලවරවුවද ඉන් රටේ දේශපාලනයට කියා දෙන පාඩම් ගණනාවකි .
ඉන් එක පාඩමක් වන්නේ දේශපාලනය නායකත්වයක් තුල පැවතිය යුතු අප්‍රතිහත ධෛර්යය පිලිබඳ අත්දැකීමයි.
ධූරයෙන් පහ කරනු ලැබු රනිල් වික්‍රමසිංහ පසුදින සුදානම් වුයේ තම බඩු භාහිරාදිය රැගෙන අරලිය ගසින් බැස යාමටය. රනිල්ට ඉතිහාසයෙදීත් අරලිය ගසින් බැස යෑම පිලිබඳව අත්දැකීමක් වුයේය. ඒ 1994 මහ මැතිවරනයෙන් පසුවය.
රනිල් නායකත්වය දෙන එජාපයට සැම විටම නායකයාගේ තින්දුව දේව වාක්‍යයක් ලෙස සැලකු නිසා රනිල්ගේ එම තීන්දුව අභියෝග කරන්නට කිසිවකු පක්ෂය තුල සිටියේ නැත. නමුත් රනිල් ගන්නට යන තීරණයේ අමනෝඥ බව රනිල්ට කියා දෙන්නට රනිල්ගේ කැබිනට් සගයකු එදා සිටියේය.
එදා මෛත්‍රීගේ තීරණය අභියෝග කරන තැනට රනිල්ව පොළඹවා ලන ලද්දේ අන් කිසිවකු නොව එවකට රනිල්ගේ කැබිනෙට්ටු සගයකුව සිටි පාඨලී චම්පික රනවක හිටපු ඇමති වරයා විසිනි. පාඨලී නොවන්නට මහින්ද රාජපක්ෂ අගමැති ලෙස සිය බලය තහවුරු කර ගන්නේ රනිල් අරලියගහ
මන්දිරයෙන් ඉවත්ව යෑමත් සමඟය. එදා පාඨලී අගමැති රනිල්ව සටනට මෙහෙයවා ගත්තා පමනක් නොව අරලිය ගහ මන්දිරය සටන් මධ්‍යස්තානයක් බවට ඔහු පෙරලා ගත්තේය.
කවදාවත් අගමැති රනිල්ගේ නිල නිවසට දොර නෑරුන එජා පාක්ෂිකන්ට දිවා රෑ නොබලා අරලිය ගහේ කඳවුරු බැඳීමට හැකිවීම ඇතැම් විට ඔවුනට නැවුම් දේශපාලන පන්නරයක් ලබා දුන්නාට සැකයක් නැත. මේ සියලු පන්නරයන් පලමුව එජා පාක්ෂිකයන්ටත්, පොදුවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙරට ආ සමස්ත සමාජයටත් ලබා දෙන්නට හැකිවුයේ , පාඨලී වෙත අරබුදයක් ඉදිරියේ නායකයකු විසින් විදහා දැක්විය යුතුව තිබෙන ප්‍රධාන ගුණයක් ප්රකටව තිබීම හේතු කොට ගෙනය. ඒ අන්කිසිවක් නොව අරබුදයක් ඉදිරියේ පවත්වා ගත යුතුව තිබෙන උකටලී නොවීම හා අරබුදයට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මුහුණදීමේ ගුණයයි.
අරබුදයක් හමුවේ පලා යාම පාඨලීගේ තීරන ගැනීමේ කලාපය තුල නොපිහිටන්නේ ඔහු දේශපාලනය ඇරඹූ ශිෂ්‍ය දේශපාලන සමයේ සිටය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු අරබුදයන් තුලින්ම බිහිවු දේශපාලන ක්රියාකාරකයකු වීම නිසාය. අරබුදයන්ට නොබියව මුහුනදීමට සිදුවීම නිසා පාඨලීට අත්වු කටුක අත්දැකම් අපමනය. වරෙක ඒ
නිසාම ඔහුට සිර ගතවන්නට සිදු වුයේය. තම දේශපාලන කඳුවුරු අත් හරින්නට සිදුවුයේය. ඉතිහාසය පෙන්වන්නේ ඒ කිසිවකින් පාඨලී මන්දෝත්සාහී කරන්නට සමත් නොවූ බවය. ඒ සෑම අරබුදයකින් පසුවම පාඨලී එලියට පැමිණියේ ෆීනික්ස් පක්ෂියකු ලෙසටය.
එම නිසා ජනාධිපති මෛත්‍රී ආන්ඩුව හා පාර්ලිමේන්තුව විසුරුවනු ලැබීමෙන් පසුව ලබා දෙනු ලැබු අභියෝගයට මුහුන දෙන්නට ඉදිරිපත්වුයේ තම අතීත අත්දැකීම් හරහාය. ඒ අනුව පාඨලී එදා කරට ගත්තේ සමස්ත ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටි සමාජයේ නායකත්වයයි. එහිදී ඔහු ලබා දුන් නායකත්වය විසින් තමන්ගේ දේශපාලන කඳවුර හා එහි නායකත්වය බලසතු කරන්නට හේතු වුවා පමනක් නොව රට තුල එතෙක් පැවති ප්රජාතන්ත්රවාදයේ සහ නීතියේ ආධිපත්‍ය වෙත එල්ල වූ තර්ජනය පරදා ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍ය නැවත තහවුරු කරන්නට සමත්වුයේය. එදා පාඨලී තම පලමු වෙඩි මුරය පත්තු කරන විට එහි අවසාන වෙඩි මුරය පත්තු කරන ලද්දේ හිටපු කතානායක කරු ජයසුරිය මහතා විසිනි. ඔහු පාර්ලිමේන්තුව තුල ලබා දුන් නිර්භීත නායකත්වය විසින් ජනාධිපතිවරයා රනිල් අගමැති ධූරයෙන් ඉවත් කරන්නට ගත් තීරනය පුස්සක් කලේය. අරලිය ගහෙන් ඇරඹි විප්ලවය පාරට ගෙන එමින් මහජන
මතය ජනාධිපති සමඟ නොවන බව රටට පෙන්නුවේ පාඨලීලාය. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරනය මෛත්‍රීගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ තීන්දුව හමස් පෙට්ටියට දැම්මේය. මේ සියල්ල සිදුවුයේ සිදුවීම් දාමයක ප්‍රතිපලයක් ලෙසටය. නමුත් රනිල් අරලිය ගහ අතහැර යන්නට ගියේ නම් අද අපට උදම් අනන්ට දෙයක් ඉතිරි නොවන්නට ඉඩ තිබෙනවාට සැකයක් නැත. එම නිසා අප සිහිපත් කල යුත්තේද උදම් ඇනිය යුත්තේද එදා ඇරඹි ක්‍රියා දාමයේ ආරම්භය සනිටුහන් කල ඒ ගිනි පුපුර ගැනය.