ඊයේ පෙරේදා දවසක වෙඩිමකට එහෙමත් නැත්නම් විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්න සිද්ධ වුනා.
අපේ සෙට් එකෙන් මුලින්ම බැන්දේ නුවනිඳු. නම එහෙම වුනාට ඌ බැන්දේ නුවණ නැති නිසා කියලා විහිළු කරපු පසිඳු ගේ wedding එක ගැන තමයි ඔය මුලින් කිව්වේ.
මම ඇතුලු අපේ සෙට් එකම ඉස්කෝලේ ගියේ දකුණේ ප්‍රධාන පාසලකට. AL වලින් මම සිලෙක්ට් වුනේ DENTAL එකට , කැම්පස් OUT වෙලා දැන් වැඩ කරන්නේ නුවරඑළියේ රෝහලක, ඒ පලමු පත්වීම විදියට.
අනික් කීප දෙනෙක්ම ඉන්ජෝ සහ මෙඩ්ඩෝ.
ලඟින්ම ආශ්‍රය කරපු අපි එදත් එක මේසෙකට වාඩි වෙලා හිටියා, අපිට අලුතින් එකතු වෙලා හිටියේ නුවනිඳුගේ wife විතරයි.
කට්ටිය ගේ කථාව ඇදිලා යද්දි දේශපාලනෙත් මාතෘකාවක් විදියට ආවා, විශේෂයෙන්ම ලඟ එන ජනාධිපතිවරණය ගැන එහෙම.
එක එක නම් ගැන කියවුනත් පොදු අදහසක් විදියට කියැවුනේ මේ කවුරුත් වැඩක් නෑ වගේ එකක්. ඇත්තටම මට වුනත් ඒක එහෙමයි කියලා කියන්න පුලුවන්.
ඔය අතරේ ජනියා අමුතු කතාවක් කිව්වා.
“මචං ලඟදි අර පාඨලී චම්පික ආවනේ අපේ හොස්පිටල් එකට”
ජනිත් මෙඩ්ඩෙක් , පලමු පත්වීම ලැබිලා වැඩ කරන්නේ කුරුණෑගල පැත්තේ ග්‍රාමීය රෝහලක.
“පොරව එක්කන් ඇවිත් තිබුනේ අපේ staff එකේ male nurse කෙනෙක් , ලඟ රැස්වීමකට ආව වෙලාවේ අපේ හොස්පිටල් එකේ තියෙන ප්‍රශ්න කීපයක් පෙන්වන්න කියලා තමයි අර හාදයා පාඨලීව එක්කගෙන ඇවිත් තියෙන්නේ, එදා ලොකු බොසා හිටියෙත් නෑ – ඇත්තටම මචං අපිට ලොකු බොසෙක් නෑ , දැනට ඉන්නේ වැඩ බලන කෙනෙක් – එයා ඉන්නෙත් මාරුවක් ලැබිලා යන්න බලාගෙන – ඉතිං අරූ ඔය පාඨලීව ගෙනත් බකස් ගාලා හඳුන්වාදුන්නේ මට – එක පාරටම මගේ ඔලුවට ගියේ මූට අන්නවන්න ඕන වගේ එකක්”
ජනියා සාමාන්‍යයෙන් ඔහොම තමයි, කොතනින් හෝ ආතල් එකක් ගන්න තමයි පොර හදන්නේ.
” එහෙම හිතලා මචං මම පොරත් එක්ක කඩ්ඩෙන් කථා කරන්න පටන් ගත්තා, මම හිතුවේ පොර නා ගනීයී කියලා. මොන – පොර අර රැජිනටවත් තේරුම් ගන්න බැරි ඉංග්‍රීසි වෙනුවට අපි උඹලට තේරෙන විදියට මාත් එක්ක කථා කලා”
“සමහර බෙහෙත් උපකරණ ගැන මම පාඨලී ට කිව්වම පොර කිව්වා මම මේ දේවල් ගැන expert කෙනෙක් නෙමෙයි ඒත් යම් පමණකට දන්නවා කියලා – ඒත් මචං පොර මට දුන්න උත්තර වලින් තේරුනා දේශපාලන නායකයෙක්ට අපේ වගේ විශයක් ගැන ඔය තේරෙන හරිය මදැයි කියලා”
“මචං ඔය හාදයා අපේ office එකටත් ආවා”
එකපාරටම ජනිත්ගේ කථාවට බාධා කරලා එහෙම කිව්වේ අපේ සුලක්ෂයා. ඌ PICK ME එකේ software engineer කෙනෙක්.
“පට්ට update වෙච්ච knowledge එකක් තියෙන්නේ”
“ඔව් මචං” ජනියා ආපහු කියන්න ගත්තා.
“මම කිව්වේ එදා අපේ වැඩ බලන බොසා හිටියේ නෑ කියලා – මම ඒ ගැන පාඨලීට කිව්වම මිනිහා ගත් කටටම කිව්වා අපි එහෙනම් එයාවත් සම්බන්ධ කරගෙන ZOOM MEETING එකක් ගමු, ඩොක්ටර් එයාට කථා කරලා කියලා LINK එකක් WHATSAPP කරලා යවන්න කියලා – එතකොට තමයි මම දැක්කේ පොරගේ කනේ තියෙන APPLE AIR POD එක”
“උඹ හරි සුලක්ෂ පොරගේ අතේ පිරිත් නූල් තිබ්බට, සරම ඇන්දට පට්ටම UPDATE”
“අපේ සීනියර් ඩෙන්ටල් ඩොකාලා සෙට් එකක් ඔය පාඨලී එක්ක වැඩ කරනවා” මමත් කථාවට එකතු වුනේ මම අහලා තියෙන දෙයක් මතක් වෙලා.
“ඔව් මචං අපෙත් ඉංජෝ මහ ගොඩක් ඉන්නවා පොරත් එක්ක – පොර ඉතින් අපේ මෝරා ගැස්ටෙක්නේ” මොරටුව කැම්පස් එකෙන් OUT වෙලා දැන් UD එකේ වැඩ කරන දුනිලයා කථාවට එකතු වුනා. ලංකාවේ තාම ගෝත්රවාදය තියෙනවා නේද කියල මට නිකමට හිතුනා. ඒත් ඉතින් මෙතනදි නම් ඒකේ වැරැද්දකුත් නෑ.
“ඒ වුනාට පොර ජනාධිපතිවරණයට එන පාටක් නෑ නේද තාම” නුවනිඳු තමන්ගේ නුවණ අවදි කරලා එහෙම ඇහුව්වා.
“ඇත්තටම මචං එදා හොස්පිටල් එකට ඇවිත් කථා කරලා ගියාට පස්සේ මට හිතුනා මෙන්න ලංකාවට වැඩක් කරනවා නම් මිනිහා කියලා” ජනිත් කථාව හමාර කලේ එහෙම.
“ඒයි මචං අන්න අරුන් දෙන්නා කෑම කාලත් ඉවරයි ඒ අස්සේ – යමන් යමන් මුන් දෙන්නටත් මොනවා හරි කරමු”
නුවනිඳු, මනමාලයයි මනමාලිවයි පෙන්නලා
පුටුවෙන් නැගිට්ටේ ඌ කාපු කට්ටට පසිඳුවත් සම්බන්ධ බව දන්න නිසා කියලා මට හිතුනා.