මට චම්පිකව මුණ ගැහුනේ කාලෙකින්, දේශපාලන නායකයකු ලෙස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නිතර ඔහු සම්බන්ධ දේවල් FACEBOOK ඇතුලු සමාජ මාධ්‍ය අවකාශ තුල දි ප්‍රංශයේ වෙසෙන අපිට අහන්න දකින්න ලැබුනට වසර ගණනාවකින් මට චම්පිකව මුණ ගැහිලා තිබුනේ නෑ. විදෙස් ගතව හිටියට මම ලංකාවට වරින් වර ආවා ගියා , ඒත් අපේ මෝරා 91′ විදුලි ඉංජිනේරු කණ්ඩායමේ හමුවක් තියෙන වකවානුවක මෙහෙම ලංකාවට එන්න ලැබුනේ සහ ඊට සහභාගී වෙන්න ලැබුනේ අහම්බෙන්.
වයසින් අපි දැන් හැටේ දශකයට ලඟා වෙලා , ලෝකය දැකලා කරලා තියෙනවා. ඒත් තාමත් අපේ අතීතයන් ගැන සුන්දර මතකයන් අමතක කරන්න බැහැ.
ඊයේ පෙරේදා තිබුණ අපේ හමුවට දෙස් විදෙස් සේවා වල නියතු මොරටුව විශ්වවිද්‍යාලයෙන් මීට වසර ගණනාවකට පෙර පිටව ගිය මගේ පරණ යාලුවෝ කීප දෙනෙක්ම එකතු වෙලා හිටියා.
ආයිත් ඉතින් කියන්න දෙයක් නෑනේ , චම්පික තමයි උසම හාදයා අපේ කට්ටිය අතර ඒ වගේම මේ හමුවට එකතු වුන අපේ සඟයන්ගේ වැඩි අවධානය ලැබුනෙත් චම්පිකට.
මොකද අපේ ගොඩ දෙනෙක්ට නිකං ඉවක් වගේ හැඟීමක් ඇවිල්ලා තියෙනවා අපේ මිනිහා ලංකාවේ මුල් පුටුවට ලං වෙනවාදෝයි කියලා. හැමෝම වගේ චම්පිකව වට කරගෙන විමසුවේ ඒක ගැන.
චම්පික නම් ඉතින් අර පුරුදු නියව ගත්ත මුහුණෙන් ඒවට උත්තර දිදී හිටියා. ඒක අපේ කට්ටියට හුරුයි.
චම්පික ඉතින් අපි කැම්පස් කාලේ ඉඳන්ම දේශපාලනයට සම්බන්ධයිනේ, අනික ඒ දවස්වලම එයා අනෙක් අයට නායකයෙක් වෙලා උන්නා. ඒක සහජය වෙන්නැති. හැදෑරුවේ විදුලි ඉංජිනේරු විද්‍යාව උනාට මට හිතුනේ මිනිහගේ මොලය ගණිතමය එකක්. ඒක නිසාමදෝ නිතරම හිටියේ කල්පනාවෙන්.
අපි කැම්පස් එකෙන් out වෙන්න හිතුවට වඩා කාලයක් ගියා, ඒ 88/89 කලබල එක්ක. ඉතින් අපි හැමෝම බලං හිටියේ කැම්පස් එකෙන් පිට වුන ගමන් රැකියාවකට යන්න . ඒත් මම හිතන්නෑ චම්පිකට එහෙම වුවමනාවක් තිබුන බව. එයාට තිබුණ දේශපාලන නැඹුරුව ඒකට හේතු වෙන්න ඇති. ඒක නිසාමදෝ මන්දා මේ හාදයට කැම්පස් කාලේ කොක්කක් හිටියෙත් නෑ. ඔලුව පිරිලා තිබුනේ රට ජාතිය ගැන දාර්ශනික අදහස් වලින්.
ඔය අතර චම්පික විවෘත විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජේශ්ඨ උපදේශක තනතුරක් එක්ක රැකියාවකට ගියා කියලා මට අහන්න ලැබුනා , ඒ 91 අපි out වෙලා ටික කාලෙකින්. මම එතකොට පෞද්ගලික ආයතනයක වැඩ කරමින් ඒත් ලංකාව හැරදාලා පිටරටක රැකියාවකට යන්න සැලසුම් හදමින් හිටියේ.
මම ලංකාවෙන් යන්න කලින් දවසක අපි යාලුවෝ කීප දෙනෙක් මුණ ගැහුණා. ඒ මගේ සමුගැනීමටත් එක්ක. චම්පිකව මට සම්බන්ධ කර ගන්න බැරි වුනා. ඒක ගැන කථා බහක් අපේ යාලුවෝ ටික අතරේ ඇදිලා ආවා එදා.
චම්පික මහා වාදයක පැටලිලා ඉන්නවලු
මාක්ස්වාදය සම්බන්ධව ඒ දවස්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උගන්නපු වික්‍රමබාහු කරුණාරත්න එක්ක.
එක්කෙනෙක් කිව්වා චම්පිකට ඔය රස්සාව දීලා open එකට අරගෙන තියෙන්නේ මහාචාර්ය අර්ජුන සොයිසා කියලා, ඒකට හේතුවත් ඔය වාදයලු. මොකද ඒ කාලේ රැකියාවක් නොකරපු චම්පික එක්ක වාදයකට එන්න වික්‍රමබාහු අදි මදි කලාලු.
ඒත් මේක කරන්නම ඕන නිසාත් චම්පික දක්ෂ සහ මේ වාදෙන් දිනනවා කියන විශ්වාසය මහාචාර්ය අර්ජුනට තිබුන නිසාත් චම්පිකව රැකියාවට ගත්තලු.
ඒත් අපේ අනික් සගයෝ හැමෝගෙම වගේ අදහස වුනේ චම්පික ඔය රස්සාව වැඩිකල් නොකරන බව. එයාලා වගේම මමත් විශ්වාස කලේ චම්පික පූර්ණ කාලීනව දේශපාලනය කරයි කියන එක – අද ඒක ඇත්තක් වෙලා. මිනිහා අද මේ දේශපාලන හිනිපෙතේ ඉහලම අඩියට පියවරක් මෙහායින් ඉන්නේ. ඇත්තටම මේ රට චම්පික වගේ ඉංජිනේරු මොලයකට හිමි වෙන්න ඕන.
ඒත් ඕක ගැන මේ පාර හම්බ වුනාම කථා කරපු අපේ එක යාලුවෙක් කිව්වේ “අපරාදේ මචං , චම්පික අර open එකේ ඉගැන්නුව එක දිගටම කලා නම් මාරම ගණිතමය සංකල්ප ඉදිරිපත් කරන මිනිහෙක් වෙන්න තිබුනා – ඒ දවස්වලත් ඔය quantum relativity, chaotic theory, beyond the metaphysics, multi world theorum… වගේ ඒවා ගැන චම්පික papers වගයක් ලියලා තිබ්බා” කියලා.
ඒත් මට හිතෙනවා ඔහුට ඒ වගේ ගණිතමය දාර්ශනිකයකු වෙන්න තිබුණත්, අපි වගේ විදුලි ඉංජිනේරුවෙක් වෙලා ලංකාවේ හෝ පිටරටක රැකියාවක් කරන්න තිබුනත් එදා ඔහුගේ තෝරාගැනීම හරි කියලා. දේශපාලනඥයකු ලෙස චම්පික දක්ෂයි, දැනුම තමයි ඔහුව එතනට ඔසවා තබලා තියෙන්නේ. ගණිතමය තාර්කික බුද්ධිය ඉවහල් වෙන්න ඇති ඔහුගේ ඉහල දේශපාලන කලමණාකරණ හැකියාව ට . ඒක නිසාමද කොහිද චම්පික ඇමැතිධුර දරපු ඒවා සාර්ථක වුනෙත් , අද සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉද්දිත් ක්‍රම සහ විධි කාරක සභාව හරහා වැඩ පෙන්වන්නෙත්.
මේ රට වාසනාවන්ත වුනොත් අපේ මිනිහව ජනාධිපති විධියට තෝරගන්න මම හිතනවා මිනිහා ඉපදිලා හැදිලා වැඩිලා තිබුනේ ඒකට තමයි කියලා.