දැනුම මත ගොඩනගන ආර්ථිකයක් තුල දැරුවන්ගේ දැනුමට තැනක් ලබා දෙන්නේ කෙසේ ද?
මැතකදී ගල්නෑවේ දරුවන් දෙදෙනකු තම වයසට වැඩියෙන් හිතන්නට හා වැඩ කරන්නට ගොස් මුහුනදුන් අකරතැබ්බය ( මේ දරුවන් දෙදෙනා තම පාපැදි වලින් ලෝකය වටේ සංචාරය කිරීමට යැයි කියා තම නිවෙස් වලින් බැහැරව යමින් සිටියදී පොලිස් බාරයට ගෙන තිබුනා ) මඟින් මේ රටේ වැඩිහිටි සමාජය දරුවන්ගේ මුහුකුරාගිය දැනුම කෙරෙහි දක්වන ආකල්පය තේරුම් ගැනීමට මහඟු පිටුවහලක් සපයති. එම ආකල්පය රට තුල මුල් බැස තිබෙනතාක් අපිට දැනුම මත පදනම්වු ආර්ථිකයක් පිළිබඳව සිතන්නටවත් වන්නේ නැත.
මෙම පසුගාමී වැඩහිටි ආකල්පය හුවා දක්වමින් සිදු කල චිත්‍රපටියක් වන්නේ 2008 වසරේ තිරගත වෙමින් ලොව පුරා ජනාදරයට පත් වූ SLUMDOG MILLONAIRE චිත්‍රපටයයි. එම චිත්‍රපටියේ ජවනිකාවක එහි ප්‍රධාන නළුවා වු ජමාල් මලික්ට
තම දැනුම පිලිබඳව මහ සමාජයෙන් මතු වූ සැකය පිලිබඳ අත්දැකීම සජීවීව අත්විඳින්නට සලස්වා තිබිණ.
Who wants to be a millionaire වැඩ සටහනකට සහභාගී වූ වීදි දරුවෙකු වූ ජමාල් මලික් එහිදී අසනු ලැබූ සියලුම ප්‍රශ්න වලට පිලිතුරු ලබාදී ජයග්‍රහණය කිරීම සැකයට භාජනය වූ අතර බාහිර සහයක් ලැබුනිදෝයි යන සැකය මත පොලිස් ප්‍රශ්න කිරීමකට ලක්විය. චිත්‍රපටය දිගහැරෙන්නේ මේ සිදුවීම මුල් කර ගනිමිනි.
චිත්‍රපටියකින් එපිටට ගොස් එක්තරා ලාංකික දරුවකුද ඊට සමාන සජීවී අත්දැකීමකට මුහුණ දුන් අතර අද වන විට ඔහු රටම හඳුනන චරිතයකි. දැන් ඔහු උත්සාහ දරන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් මෙරට තුල ගොඩ නංවන්නටය.
මීට වසර 50 කට පෙර……
හොරණ , බුලත්සිංහල එක්තරා ග්‍රාමීය පාසලක කඩයිම් විභාගයක් පැවතින. මෙම විභාගයේ අරමුණ වූයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් සපුරාලන ලමුන් තෝරා ගැනීමයි. ඒ සඳහා බුලත්සිංහල අධ්‍යාපන කලාපයේ ග්‍රාමීය පාසල් වල පහ වසර නියෝජනය කරන ලමුන් සහභාගී විය.
විභාගය පැවැත්වුන පාසලේ විදුහල්පතිවරයා වූයේ යසපාල මහතායි. ගණිතය සහ සිංහල භාෂාව මුල් කරගෙන සකස් වූ ප්‍රශ්න පත්‍රයට කුඩා දරුවන් මුහුණ දුන් අතර ඉන් පසු සති දෙක ගෙවී ගියේ අදාල උත්තර පත්‍ර පරීක්ෂා කිරීමටයි.
එහිදී යම් අසාමාන්‍ය සිදුවීමක් ගැන යසපාල විදුහල්පතිතුමාට කරුණු වාර්ථා වුන අතර එක් දරුවෙකු ඉතාමත්ම ඉහල ලකුණු සංඛ්‍යාවක් එම ප්‍රශ්න පත්‍රයට ලබා තිබුන අතර එහි තුබූ ගණිතමය ප්‍රශ්න සියල්ලටම ඔහු නිවැරදි පිලිතුරු ලබා දී තිබිණ.
තම වෘත්තීය ජීවිතය තුල යසපාල මහතා මෙවැන්නක් දැක නොතිබූ නිසාම ඒ ගැන සැක කල අතර අදාල ලමයා සොයා ය යුතු යැයි තීරණය කරන ලදී.
අදාල දරුවාගේ වාසගම යසපාල මහතාට හුරු එකක් වූ අතර දරුවාගේ පාසල අනුවද “මේ නම් මම දන්නා පවුලේ පුතෙක් දෝයි” යන සැකය අනුව ඔහු තමාට ඥාති වන නිවස සොයා ගියේය.
යසපාල මහතාගේ සිතිවිල්ල නිවැරදි විය. ඔහු සොයා ගිය ගෙදර බුලත්සිංහල, බෝතලේගම රණවක පවුලට අයිති වූ අතර අදාල දරුවා මෙම නිවසේ දරුවකු බවද හෙලිවිණ. යසපාල මහතා වාසගමින් දැන සිටියත් දරුවාගේ මුල් නම් ගැන ඔහු දැන සිටියේ නැත. ඔහු දරුවා දැන සිටියේ ඥාතීන් විසින් ආදරයට කථා කරන සුරතල් නමකිනි.
මේ දරුවා නම් පාඨලී චම්පික රණවක ය.
තමන්ගේ ඥාතියා වුවත් යසපාල මහතා තමන් පෙලූ සැකය දරුවා සහ දෙමාපියන් ඉදිරියේ ගෙනහැර පෑවේය. “සියලුම ගණිත ප්‍රශ්න ටික සාර්ථකව විසඳුවේ කෙසේද – තමන්ට වෙනත් සහයක් ලැබුනාද – මොනයම් ආකාරයකට හෝ කොපි කිරීමක් කලාද”
යසපාල මහතා දෙමාපියන් ඉදිරියේම දරුවා ප්‍රශ්න කලේය.
තම සැකය දුරු කර ගැනීම උදෙසා යසපාල මහතා එවලේම පෙර කී විභාගයට ලබා දී තිබූ ප්‍රශ්න වලටත් වඩා අපහසු ගණිත ප්‍රශ්න පහක් කුඩා පාඨලී චම්පික ට ලබා දුන් අතර ඔහු ඒවා එවලේම ඉතාම ඉක්මනින්ම විසඳා පෙන්වන ලද්දෙන් යසපාල මහතාගේ සැකය දුරුවිය.
පසුව පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ද සාර්ථකව මුහුණ දුන් පාඨලී චම්පික රණවක එයින්ද ඉතා ඉහලින්ම සමත් වූ අතර කොලඹ ප්‍රධාන පෙලේ පාසලකට යාමට හැකි වුවත් එය ප්‍රතික්ෂේප කල ඔහු හොරණ තක්ෂිලා මහා විදුහල ට ඇතුලත්ව තම පාසල් අධ්‍යාපන දිවිය සාර්ථකව අවසන් කලේ අ.පො.ස උසස් පෙල විභාගයේ ගණිත අංශයේ කලුතර දිස්ත්‍රික් ප්‍රථමයා වෙමිනි. එතකින් නොනැවතුන ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත්ව විදුලි ඉංජිනේරු උපාධිය ලැබීය. නමුත් සාරවත් වෘත්තීය ජීවිතය වෙනුවට පූර්ණ කාලීන දේශපාලනය තෝරාගත් ඔහු දැන් වසර ගණනාවක් තිස්සේ ලාංකීය දේශපාලනයේ උඩුගම් බලා පිහිනයි.
වැඩිහිටියන් අනු නොදකින දරුවන්ගේ සැඟවුනු දැනුම සොයා යාමට රටකට වැඩපිලිවලක් තිබිය යුතුය. දැනුම මත පිහිටන ආර්ථිකයක් ගොඩනැගිම ඇරඹිය හැක්කේ එවිටය.
එදා දැනුමින් පිරි කුඩා පාඨලී අද බහුවිධ දැනුමෙන් සන්නද්ද වු රටම දන්නා දේශපාලනඥයෙකි.
අද ඔහු වෙහෙසෙන්නේ දැනුම මත පදනම්වු ආර්ථිකයක් රටට හඳුන්වා දෙන්නටය.