බාහිර ලෝකයට පාඨලී චම්පික දිස්වන්නේ රටේ කලින් කලට මතුවන දේශපාලන සුළි සුළං, කුනාටු, වඩදිය ,බාදිය ආදියට මුහුණ දෙමින් සමාජය නමැති සාගරයේ දේශපාලන නෞකාවක් පැදගෙන යන අධිෂ්ඨානශීලී යාත්‍රිකයකු ලෙසය. රළු පරලු දේශපාලනයේ කර්කෂ භාවයට එසේ මුහුණ දෙන්නේ කලාව සාහිත්‍යය ,සංගීතයය ඇල්ම දක්වන, ඇතැම් කලා ක්ෂේත්රය තුළ සෑහෙන තරම් නිපුනතා දක්වමින් පුරුදු පුහුණු කරගත් උසස් රසිකත්වයෙන් යුත් සහෘදයකු බව දන්නේ ඔහු සමීපව ඇසුරු කරන කිහිප දෙනෙකු පමණි. එයට තවත් හේතුවක් වන්නේ තමන්ගේ කලාත්මක වින්දන ජීවිතය අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් ලාභ මට්ටමේ කීර්ති ප්‍රශංසා ලබා ගැනීම ඔහු හැම විටම ප්‍රතික්ෂේප කරන බැවිනි. ඔහුට තරමක් හොඳින් ගීත ගායනා කළ හැකි බව රටෙි බොහෝ දෙනා දැනගත්තේ ඔහු තම වැඩිමහල් දියණිය විවාහ කර දුන්දා මංගල උත්සවයේදී කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ ගීතයක් මනරම්ව ගැයූ අවස්ථාවේදීය. එහෙත් තරුණ කාලයේ සිටම ගීත ගැයීමටත් සංගීතයට සවන්දීමටත් ඔහු
දකවන්නේ ඉමහත් ඇල්මකි. සරසවි ශිෂ්‍ය කාලයේ පින්සලය අතට ගෙන විවිධ පෝස්ටර්, බැනර් ඔහු ඇන්දේ කපුගේ, දිවුල්ගනේ, අමරදේව ආදී ගායකයන්ගේ සමහර ගීත මුමුනමින්ය. මේ බව දන්නේ ඔහුගේ සමකාලීන මිතුරන් පමණි. එහෙයින් පාඨලී චම්පික යනු අප රටේ සිටින දේශපාලන නායකයන් අතරින් ඉහල ගනයේ රසිකත්වයකින් යුතුව වින්දනීය ජීවිතයක් ගත කරන පැහැබර සහෘද සමාජ මිනිසකුය යන්න විවෘතව කතා කිරීමට මෙය හොඳම අවස්ථාවය.
හොරණ තක්ෂිලාවෙි ඉගෙන ගන්නා කාලයේ ඔහු සංගීතයට බෙහෙවින් ප්‍රියකළේය. රටේ ප්‍රකට කලාකරුවන් කිහිප දෙනෙක්ම තක්ෂිලාවෙි සංගීත විෂය ඉගැන්වූ ගුරුවරුන් ලෙස කටයුතු කිරීම නිසා මේ උද්යෝගය තවත් වැඩි විය. රෝහණ බැද්දගේ, ප්‍රේමදාස මුදුන්කොටුව, නීලා වික්‍රමසිංහ යන ප්‍රකට කලාකරුවෝ පාටලීගේ පාසැල් සමයේදී තක්ෂිලාවේ සංගීත – නැටුම් ගුරුවරු ලෙස කටයුතු කළහ.
සංගීතයෙහි දැක්වූ විශේෂ ඇල්ම එසේ තබා ගනිමින් ඔහු විෂයයක් වශයෙන් තෝරා ගත්තේ චිත්රකර්මයයි. චිත්‍ර ඇඳීමේ තමා සතු සහජ දක්ෂතාවක් පාඨලී තම පාසැලේදී ගුරුවරුන් ඇසුරෙන් වඩාත් ඔප් නංවා ගත්තේය. ඉංජිනේරු සිසුවකු ලෙස මොරටු සරසවියට ඇතුළත් වුවද චිත්‍ර ඇඳීම ඔහු නිතරම අභ්‍යාස කළේය..සරසවියේ
විවිධ සංස්කෘතික ක්‍රියාකරකම් ඒවාට අදාල පෝස්ටර් කටවුට් ආදිය නිර්මාණය කිරීමේදී පාඨලී මැනවින් පින්සල හැසිරුවේය. මැසිමක් මෙන් වෙිගවත්ව පෝස්ටර් ඇන්දේය. “සදා සමරමු සොහොයුරෝ” නමින් මොරටුව හා කොළඹ සරසවි වල එකල ප්‍රදර්ශනය වු සිසු විරු සමරු ප්‍රදර්ශන මාලාවේ ප්‍රදර්ශන පුවරු වැඩි සංඛ්‍යාවක් පාඨලීගේ නිර්මාණ දායක්තවයෙන් බිහි වූ ඒවාය.
ජායාරූප ශිල්පය ඔහු මැනවින් ප්‍රගුන කළ තවත් කලා අංගයකි. මෙහිදී ඔහුගේ ප්‍රියතම ක්ෂේත්රය වනජීවීන්ය. මෙරට පමණක් නොව ඉන්දියාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව,ටැන්සානියාව ආදී රටවලද සංචාරය කරමින් ලබාගත් කලාත්මක ගුණයෙන් ඉතා ඉහල වනජීවී ඡායරූප දහස් ගණනක් ඔහු සතුව ඇත. විදේශ අමුත්තෙකුට, තානාපතිවරයෙකුට සංකේතාත්මක ත්‍යාගයක් දීමේදී ඔහු වැඩියෙන් ප්‍රිය කරන්නේ තමා විසින් කැමරාවට හසුකරගත් වනජීවී ඡායාරූපයක් රාමුකර ප්රදානය කිරීමටය. ඔහුගේ ඉහල ගනයේ ඡායාරූප එකතුවක් …………නමින් ග්රන්ථයක් ලෙස පළ වී ඇත..එසේම ………………. නමින් 2019 දී Dutch Hospital හෝටල් පරිශ්රරයේදී ඉහල ගනයේ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වු අතර එය දෙස් විදේස් වනජීවී ලෝලීන් රැසකගේ ආදරයට පාත්‍ර වූ ප්‍රදර්ශනයක් විය. අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා පාඨලීගේ ඡායාරූප වල ස්ථිර රසිකයකු වූ
අතර සිංහ ධෙනුවක් හා පැටියකු සහිත පාඨලීගේ එක් ජායරූපයක් ලබා ගත් මංගල සමරවීර එය Kema’s Boy යනුවෙන් තමාට සම්බන්ධ තේමාවකින් යළි නම් කළේය.
මේ රටේ හා විදේශ රටවල ප්‍රකට චිත්‍ර කලා කරුවන් හා ඔවුනගේ නිර්මාණ පිළිබඳ ලියවුන වටිනා ග්රන්ථ බොාහාමයක් පාඨලීගේ පුද්ගලික පුස්තකාලයේ ඇත.
වාස්තු විද්‍යාව ගෘහ නිර්මාණ ශිල්පය ඔහු ඇලුම් කරන තවත් වින්දනීය ක්ෂෙත්රයකි. අප රටේ සම්භාව්‍ය ගෘහ නිර්මාණය ශිල්පීන් ගණනාවකගේ විශිෂ්ට නිර්මාණ රාශියක් පළිබඳ විස්තරාත්මකව කතා කිරීමට ඔහු දක්වන්නේ අපූරු සමත් කමකි.
පාඨලී සිනමා රසිකයෙකි. විශ්ව සම්භාව්‍ය සිනමා කෘති රාශියක් ඔහු නරඹා ඇති අතර ඒවා සමකාලීන දමජ දේශපාලන කථිකාවට අදාල කරගනිම්න් නිතරම ගෙන හැර දැක්වීමට ඔහු යොමුවන්නේ අසා සිටින්නන්ද ඒවා නැරඹීමට පොළඹවමිනි.
සිංහල කෙටිකතා නවකතා සහ කාව්‍ය ග්රන්ථ ඔහු අඛණ්ඩව කියවයි. මාර්ටින් වික්‍රමසිංහ , කේ ජයතිලක, එදිරිවීර සරච්චන්ද්‍ර ගුනදාස අමරසේකර, මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ පරාක්‍රම කොඩිතුවක්කු ආදී සිංහල සාහිත්‍යයේ
ප්‍රමුඛයන්ගේ බොහා් කෘති ඔහු පරිශීලනය කර ඇති අතර ඒවායේ අන්තර්ගතය නිතරම තම විවරණ විග්රහ වගට යොදා ගනියි
එසේම සමකාලීන සාහිත්‍ය කරුවන්ගේ නිර්මාණය ගැනද ඔහු විශාල උනන්දුවක් දක්වන අතර ඔහුගේ පුස්තකාලය නිතරම ඒවායින් යාවත්කාලීන වෙයි.
විශ්ව සම්භාව්‍ය සාහිත්‍යට ඔහු විශාල උනන්දුවක් තරුණ කාලයේදීම දැක්වූවේය. ටොල්ස්ටෝයි, දොස්තයෙව්ස්කි, චෙකොෆ්, ගෝර්කි, ඩිකන්ස්, හෙමින්වේ ආදී ලේඛකයන්ගේ බොහෝ සම්භාව්‍ය කෘති තරුණ කාලයේදීම පරිශීලනය තරමින් තම භාවමය ලෝකය පෙහොසත් කරගත්තේය.
වඩාත්ම විචිත්‍ර කරුණ වන්නේ මේ සියලු දෙස් විදේස සිනමා සාහිත්‍ය කෘතීන් වල අන්තර්ගතයෙහි එන ඉතා සුලු විස්තර පවා මතකයටනගා ගැනීමට ඔහු දක්වන අසාමාන්‍ය සමත්කමය.