පැහැදිලි අරමුණක් සහිත බව පාඨලී තරුණ වියේ පටන් තිබූ ලක්ෂණයක්. දෛනික බස් ගමන තමන්ගේ නිර්මාණශීලීත්වය සදහා තෝතැන්නක් බවට පත් කර ගන්න පාඨලී උත්සාහ කළා. අවුල් සහගත වටපිටාවක් තිබෙද්දි පවා නොසැලෙන අවධානයෙන්, ඔහු මෙම ගමන් බිමන් තුළ පොත්පත් කියවන්න පුරුදු වෙලා හිටියා. කොටින්ම පාඨලීගේ ජංගම සේවා ස්ථානය වුනේ බස් එක. පළපුරුදු ලේඛකයෙකු වන ඔහු සගරා සදහා ලිපි සැකසීමට හෝ ප්‍රකාශිත සටහන් වලට ප්‍රතිචාර දැක්වීමට දැඩි කැමැත්තක් දැක්වූවා.
එක දවසක්, පාඨලී ඇමරිකාව බලා ගුවනින් ගමන් ගනිද්දි ඔහු කියවමින් සිටියේ Yuval Noah Harari ගේ Sapiens නම් කෘතියයි. ඒ පොතේ පිටු අතර ගිලෙන පාඨලී තමන්ගේ අදහස්වලට නැවුම් උත්ප්‍රේරකයක් ලබා ගත්තා.
බස් එකේ ගමන දවස ගානේ එකිනෙකට වෙනස්. මේ වෙනස් වන ගමනේ වටපිටාව මොකක් වුනත්, පාඨලීගේ අවධානය බිදින්න ඒ වටපිටාව සමත් උනේ නෑ. බස් එකේ රිද්මයානුකූල නාදය ඔහු ලිපි රචනා කළ තාලය බවට පත් වුණා. ඔහුගේ මනස මේ සීමිත අවකාශය තුළ බාධාවකින් තොරව අදහස් සම්බන්ධ කරන්න පුලුවන් වීම විස්මිතයි.
මේ සාම්ප්‍රදායික නොවුණු පාඨලීගේ “බස් ලේඛන සැසි” වලදී ලියවුණු ලියවිලි සගරාවල පළවුණා. ඕනෑම තත්ත්වයක් යටතේ වැඩ කරන්නත්, වේගෙයෙන් වැඩ කරන්නත් පුරුදු වුණු පාඨලීට මේක අරුමයක් වුනේ නෑ.
ඒ නිසා පාඨලීගේ මේ පස් සවාරි ප්‍රවාහන මාධ්‍යයකට වඩා වැඩි දෙයක් බවට පත්වෙලා තිබුණා. ඒවා පරිසරය කුමක් වුවත් වේගයෙන් වැඩ කිරීමට සහ විශිෂ්ට කතා නිපදවීමට ඇති පෙළඹවීම මගින් ඔහුගේ පරිකල්පනයේ ගැඹුරට ගිය ගමනක් වෙලා තිබුණා.